සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජ...
සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල වන බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබූ ද්‍රවිඩ ජාතිකයකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (17 දා) නියෝග කළේය.
එම සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
ජෙගනාදන් ජෝශප් පිල්ලේ නමැති එම සැකකරු පසුගිය 15 වැනිදා කුරුඳුවත්ත පොලිසිය අසලට පැමිණ තමාට ඉතා රහසිගත තොරතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමට ඇති බවට සඳහන් තුණ්ඩු කැබැල්ලක් ඉදිරිපත් කර එකී ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පොලිසියට පැමිණිලි කොට තිබූ අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට පියවර ගෙන තිබිණි.
ඔහු සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් ඔහුගේ පදිංචිය ලෙස ලබාදී ඇත්තේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නිවසේ ලිපිනය වන නමුත් එහි එවැනි පුද්ගලයකු පදිංචි බවට තොරතුරු අනාවරණය වී නොමැති බවත් අධිකරණයට පෙන්වාදුන් විමර්ශන නිලධාරීන් එම සැකකරු ස්ථිර පදිංචියක් ඇති පුද්ගලයකු නොවන බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි ද අධිකරණයට පෙන්වා දුන්නේය.
No comments