රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් ඇලහැර හා මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන හතළිස් එකක් ඒකාබද්ධව බකමූණ නගරයට ආසන්නව ආරම්භ...
රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් ඇලහැර හා මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන හතළිස් එකක් ඒකාබද්ධව බකමූණ නගරයට ආසන්නව ආරම්භ කර තිබෙන අඛණ්ඩව උපවාසයට සහාය පළ කිරීමට දිවයිනේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් මෙන්ම මහා සංඝ සංඝරත්නයත් අද (01) එක් වූහ. අනතුරුව මේ පිරිස් බකමූණ නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණයක නිරතවූහ.
වාරි සුමිතුරෝ , ගොවි හඬ ජාතික ව්‍යාපාරය, පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද මෙම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා මාවිල්ආරු, එප්පාවල, දේව්හුව, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, රාජාංගනය, වෑවල, දඹුල්ල, කැකිරාව, කණන්ඩලම, මාදුරුඔය, මාතලේ හා දඹුල්ල යන ප්‍රදේශවලින් ගොවි සංවිධාන වල නියෝජිතයින් මෙන්ම ගොවීන් 3000කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
මෙම අඛණ්ඩ ගොවි උපවාසයටත්, දැවැන්ත උද්ඝෝෂණටත් සහාය පල කිරීම සහ ආශිර්වාද කිරීම සඳහා දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්, ගල්තඹරාව විහාරාධිපති පූජ්‍ය කන්තලේ රාහුල, සෙවනපිටිය දක්ෂිණගිරි විහාරාධිපති පොලොන්නරුවේ නාරද හිමියන් ඇතුළු ප්‍රදේශයේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද වැඩම කර සිටියහ.
-මනම්පිටිය නිමල් ජයරත්න
No comments