Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරිල් ගාමිණී පියතුමාට ලැජ්ජාවක් නෑ" - ඉත්තෑකන්දේ හිමිගෙන් සැර ප්‍රකාශයක්

  සිරිල් ගාමිණී පියතුමාට ලැජ්ජාවක් නැති බවත් රෙදිවලට මුවා වී චණ්ඩිකම් සිදු කිරීම නතර කරන්නැයි රාවණා බලයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාත...

 



සිරිල් ගාමිණී පියතුමාට ලැජ්ජාවක් නැති බවත් රෙදිවලට මුවා වී චණ්ඩිකම් සිදු කිරීම නතර කරන්නැයි රාවණා බලයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.


උන්වහන්සේ අද (09) මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පවසා සිටියා.


නීතිය සැමටම පොදු විය යුතු බවත් තමන් ප්‍රකාශයක් සිදු කලේ නම් කොන්ද පණ ඇතිව CID යට ගොස් සත්‍යභාවය පෙන්නුම් කරන්න යැයිද උන්වහන්සේ සඳහන් කළා.


අර්බුධ නිර්මාණය කර තමන්ගේ දේශපාලන වාසි හදා ගන්න උත්සහ කරන්න එපා යැයිද සද්ධාතිස්ස හිමියන් පවසනවා.


උන්වහන්සේ එහිදී මෙසේද සඳහන් කළා,


"නිතිය නම් නිතිය. නිතිය ආයේ සිරිල් ගාමිණි පියතුමාට ද, ඥානසාර හාමුදුරුවන්ට ද , මැඩිල්ලේ හමුදුරුවන්ටද මටද කියන එක නීතියේ ප්‍රශ්නයක් නැහැ. අපි සේරම කුදලාගෙන ගිහිල්ල හිරේ දාපු කට්ටිය තමයි මේ ඉල්ලන්නේ. නීතියෙන් වහන් වෙන්න උත්සාහ කරන්නේ. අපි සේරම හිරේ දැම්මා. අපිව ගෙනියන්න ආවේ පොලිස් ජීප් දෙක තුන.  මේ ආණ්ඩුවේ ඉන්න පොලිසියේ ලොක්කන්ට කොන්ද නැහැ මට හිතෙන්නේ. මේ ආණ්ඩුවේ ඉන්න පොලිසියේ, CID එකේ ඉන්න අයට කොන්ද පණ නැහැ. හාමුදුරුවෝ කෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා නම් මේ වෙනකොට අල්ලලා හිරේ දාලා මේ වෙනකොට කරන්න ඕනේ ටික සේරම කරලා. එහෙනම් පන්සලත් වට කරලා. හැබැයි සිරිල් ගාමිණි පියතුමාට බයයි. ප්‍රකාශයක් කළා නම් තමන් කරපු ප්‍රකාශය සත්‍ය නම් පුජකවරයෙක් හැටියට එතුමාට පැහැදිලිව ඇවිල්ලා තමන් කැමැත්තෙන් ඉදිරිපත් වෙලා මේකේ සත්‍යතාවය කියන්න ඕනේ CID එකට ගිහිල්ලා.  එහෙම කියන්න තියෙද්දිත් බලහත්කාරයෙන් ගේන්න ඕනේ නැහැ. තමන් කරපු ප්‍රකාශය පිලිබඳ තමන්ට විශ්වාසයක් නැතිකම මේ තියෙන්නේ. වෙන මොනවත් නෙවෙයි. තමන් කරපු ප්‍රකාශය තමන්ටවත් විශ්වාසයක් නැහැ. තමන් කරපු ප්‍රකාශය ගැන සත්‍ය තොරතුරු තියෙනවා නම් සුරෙස් සලෙයි මෙහෙමයි, සහරාන්ට උදව් කළා. සල්ලි දුන්නා."


"මොකක් හරි තියෙන මගුලක් ඇවිල්ලා කිව්වා නම් ඉවරයිනේ. මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ කියන පදේට රටේ ජනාධිපති නටන්න ඕනේ කියලා. අද කා එක්කද මේ කට්ටිය යන්නේ? ප්‍රකාශන නිකුත් කරනවා සමඟි ජන බලවේගය. මොකටද ප්‍රකාශන නිකුත් කරන්නේ? සමඟි ජන බලවේගය ප්‍රකාශනයක් නිකුත් කරලා තියෙනවා පියතුමන් අත්අඩංගුවට ගැනීම හෙලා දකිනවා කියලා. යකෝ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ. 2015 ඉදන් මේ රට කලේ අපිද? සහරාන්ලා ගහනකොට හිටියේ අපිද? හිටියේ සිරිසේන උන්නැහෙයි, රනිල් වික්‍රමසිංහයි හිටියේ. දැන් ඒගොන්නෙම හිටපු සජිත් ප්‍රේමදාස එයත් ලොක්කෙක්නේ ආණ්ඩුවේ. දැන් විලි ලජ්ජා නැතුව ප්‍රකාශන නිකුත් කරන්නේ. මේ සිරිල් ගාමිණීට පියතුමාටත් විලි ලැජ්ජා නෑ. යකෝ ගහපු එවුන් එක්ක ගිහිල්ලා ඒ ආණ්ඩුව කාලේ ගැහුවේ. උන් එක්කම යනවා යුක්තිය සාධාරණය ඉල්ලගෙන. මේ සියල්ල සිදු වෙන්නේ දේශපාලන උවමනාව මත. තමන්ට නටවන්න පුළුවන් ආණ්ඩුවක් හදා ගන්න තමයි මේ දගලන්නේ. සහරාන්ලාගේ කල්ලිය බේරා ගැනීමේ වැඩසටහනක් තමයි මේ පල්ලිය හරහා සිද්ධ වෙන්නේ. ලොකු චන්ඩිකම් එතනට මෙතනට රෙදි වලට මුවා වෙලා කරනන් එපා. තමන් ප්‍රකාශයක් කළා නම් බය නැතුව ගිහිල්ලා ඉදිරිපත් වෙලා CID එකට ප්‍රකාශය දීලා එන්න. නිකන් බොරුවට චන්ඩි පාට්‍ දාලා එන්න කිව්වම බයට උසාවි ගානේ යන්නයි, සිවුරු අස්සේ හැංගෙන්න ඕනේ නැහැ. පියතුමා විලි ලජ්ජා නැති වැඩ කරන්නේ නැතුව, නිකන් බොරු ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඔබතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ ප්‍රකාශයට උත්තර දිලා එන්න. එතකොට මේක පැහැදිලියි. මේක දේශපාලනයට ඈදාගෙන බොරු දේවල් හදලා නැති අර්බුධ නිර්මාණය කරලා තමන්ගේ දේශපාලන වාසි හදා ගන්න උත්සහ කරන්න එපා."

No comments

Ads Place