Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන වසරේ හෝ ඊළඟ වසරේ අපි කොරෝනාවෙන් සම්පූර්ණයෙන් එලියට එනවා..-නාලක

ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ...

ඉදිරියේදී නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර අවසන්. එයින් 10000 ක් ඉදිකෙරෙමින් පවතිනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ පානදුර නව වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව රටපුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන්හි තවත් එක් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් පානදුර නව වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම් ආරම්භය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පානදුර නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, සමස්ත පානදුර නගරය සඳහා මහා සැලැස්මක් සකස් කරලා ජලාපවහන කටයුතු පාලනය කරන විදිහට දීර්ඝ කාලීන විසඳුමක් සකස් කිරීමේ කාර්යය පිළිබඳව දේශපාලන අධිකාරිය සමග සාකච්ඡා කරමින් සිටින්නේ. අපි විශ්වාස කරනවා අපේ ජනාධිපතිතුමාගේ ධූර කාලය තුළ මේ සියළුම කටයුතු සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබෙයි කියා.

2015 – 2019 කියන්නේ වරාය නගරයෙන් පටන් ගෙන මේ රටේ සියළුම සංවර්ධන නතර වූ යුගයක්. එහෙමත් නැත්නම් මන්දගාමි උනා. අපි මේ සියළු කොරෝනා ප‍්‍රශ්න මැද්දේ ජනාධිපතිතුමාගේ ප‍්‍රථම වසර දෙක තුළ මේ රට පුරා විශාල සංවර්ධන ව්‍යාපෘති රාශියක් ආරම්භ කර තිබෙනවා. මාධ්‍ය තුළින් උදේ සිට රාත‍්‍රී වන තුරු දකින්නේ කොරෝනා ගැනයි අනෙකුත් ප‍්‍රශ්න ගැනයි මිසක් මේවා ගැන ජනතාව දැනුවත් වනවා බොහොම අඩුයි.

ජනාධිපතිතුමාගේ පදවි ප‍්‍රාප්තියෙන් පස්සේ ජනතාවගේ ගැටළු සොයා බැලීම සඳහා ගම සමග පිළිසඳරක් වැඩසටහන් රාශියක් රටපුරා සිදු කළා. ඒ හැම වැඩසටහනකදීම වැඩි හරියක් ජනතාව එතුමන්ගෙන් ඉල්ලා සිටියේ පාරවල් සහ ජලය ලබාදෙන ලෙසයි. ඒ සඳහා එතුමන් මේ වසර දෙක තුළ විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කරලා විශාල ව්‍යාපෘති රාශියක් සිදු කළා මාර්ග සහ පානීය ජලය සම්බන්ධයෙන්. මාර්ග සංවර්ධනය සඳහා කිලෝ මීටර් ලක්ෂයේ වැඩසටහනක් ආරම්භ කළා. එම වැඩසටහනින් 18,000 ක් මේ වසර අවසන් වන විට අවසන් වනවා. ලබන වසරේ 25,000 ක් ඊළඟ වසරේ තවත් 25,000 ක් ආදී වශයෙන් සිදු කරලා කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන අවසන් කරනවා. එපමණක් නෙමෙයි මධ්‍යම අධිවේගී මාර්ගය, රත්නපුර අධිවේගී මාගර්ය, කුරුණෑගල – දඹුල්ල මාර්ගය ඇතුළු රටපුරා අනෙකුත් බොහොමයක් ජනතාවට අවශ්‍ය මාර්ග එයට අමතරව මෙම කාලය තුළ වැඩ අවසන් කිරීමට නියමිතයි.

ජනාධිපතිතුමා බලයට පත්වන විට මේ රටේ ජනතාවගෙන් 42% කට පමණයි පිරිසිදු පානීය ජලය ලැබුණේ. මේ වන විට එම ප‍්‍රමාණය 55% ක් ඉක්මවලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2024 වන විට මේ රටේ ජනතාවගෙන් 90% කට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න. ගොවිජනතාව වෙනුවෙන් වැව් අමුණු 14,000 ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළා. වාරිමාර්ග වැඩපිළිවෙල යටතේ ගංඟා 103 ක් සංරක්ෂණය කරන්න සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. විදුලිබලය ගැන කතා කරනවා නම් 2030 වන වවිට ටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලයෙන් ලබාගැනීමට වැඩසටහන රාශියක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. තාක්ෂණික උද්‍යාන 4 ක් ආරම්භ වෙලා තිබෙනවා. මෙවැනි විශාල වැඩප‍්‍රමාණයක් රටපුරා කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. අපේ අමාත්‍යාංශය යටතේ අපි නාගරික නිවාස 30000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එයින් දස දහසක වැඩ ආරම්භ කර තිබෙනව. එයින් විශාල ප‍්‍රමාණයක් මේ වන විට අවසන් අදියරට පැමිනෙමින් තිබෙනවා. රටපුරා කුඩා නගර සියයක් සංවර්ධනය සඳහා තෝරාගෙන සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ඒ නගර සියයේම වැඩකටයුතු මේ වසර තුළම ආරම්භ වෙලා තිබෙනවා. එයින් 60% කවත් වැඩ දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

එයින් ඔබ තමුන්නාන්සේලාට මා කියන්න උත්සාහ කළේ අපි සංවර්ධන කටයුතු මොන බාධාවන් ආවත් නතර කරලා නැහැ. කොරෝනා නිසා ඇතිවූ අර්බුද සදාකාලික නැහැ. එම ගැටළුවලින් අපි එළියට එමින් සිටින්නේ. එන්නත්කරණය සාර්ථකව සිදුකළ රටක් හැටියට ලෝකයේ ඉදිරි වසර හෝ ඊ ළඟ වසර වන විට මෙම ගැටළුවෙන් සම්පූර්ණයෙන්ම අපි එළියට එනවා. ඒ නිසා අනාගතය ගැන අපි අද ආයෝජනය කර තිබිය යුතුයි. එම කාර්ය තමයි අද අපි සිදු කරමින් තිබෙන්නේ. මේ සිදුවන සංවර්ධනයේ ප‍්‍රතිඵල ලබන වසරේ සහ ඊළඟ වසරවන විට දකින්නට ලැබෙයි කියා මා සිතනවා යැයි පැවසීය.

 

No comments

Ads Place