Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නඩු අතරේත් චීන පොහොර ගැන සාකච්ඡා… පොහොර බාන්න දෙන්නෙ නෑ… කෘෂිකර්ම ලේකම් යළිත් චීනයට දන්වයි…

මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති කාර්යාලයට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත්...




මතභේදයට තුඩු දී ඇති චීන පොහොර නැව ලංකාවේ ගොඩ බෑමට ඉඩනොදෙන බව චීන තානාපති කාර්යාලයට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ   පැවසීය.


මතභේදයට තුඩු දී ඇති මෙම චීන පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන් අතර අද (08) පැවැති සාකච්ඡාවේදී මේ බව චීන තානාපති අංශය වෙත දැනුම් දුන් බව මහාචාර්ය උදිත් ජයසිංහ  වැඩිදුරටත් පැවසීය.


අදාළ පොහොර තොගය ලංකාවට එවු චීන සමාගම නීතීඥ එම්.ජේ.එස්. ෆොන්සේකා   මාර්ගයෙන් ලංකා ශාක නිරෝධායන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඩබ්.ඒ.ආර්.ටී. වික්‍රමාරච්චිගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දියක් ඉල්ලා ඇති පසුබිමක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හා චීන තානාපති නිලධාරීන්   සාකච්ඡා පවත්වනු ලැබීය.


ශාක නිරෝධායන ආයතනය තම සමාගමේ පොහොර සාම්පල තුළ තිබී අර්වීනීයා නමැති බැක්ටීරියා සොයා ගත් බව පැවසීම සත්‍යයෙන් තොර බව පවසමින් එම කරුණ ප්‍රතික්ෂේප කරන චීන සමාගම ශාක නිරෝධායන ආයතනය සත්‍යයෙන් තොර වාර්තාවක් පළ කිරීම හේතූවෙන් තම සමාගමට ඉමහත් අපකීර්තියක් වු බව කියමින් ඇමරිකානු ඩොලර් මිලියන 08 ක වන්දිය ඉල්ලා ඇත.


මෙවන් පසුබිමක් යටතේ පැවැති සාකච්ඡාවේදී මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලධාරීන් විසින් චීන තානාපති අංශයේ අවධානයට ලක් කොට ඇත.


ලංකා ශාක නිරෝධායන ආයතනය ගන්නා ලද තීරණය හේතූවෙන් අදාළ පොහොර තොග ලංකාවට ගොඩබෑමට ඉඩ ලබාදීමට හැකියාවක් නැති බව චීන තානාපති  කාර්යාලය වෙත දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ   පැවසීය.


-මනෝප්‍රිය ගුණසේකර-

No comments

Ads Place