Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුකුළු මස් 850යි..බිත්තර 25යි..

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව ...

බිත්තර, කුකුල් මස් මිලද මේ වන විට දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට බිත්තරය මිල රුපියල් 22ත් 24ත් අතර මිලකට අලෙවි වන අතර කුකුල් මස් ක්‍රිලෝවක මිලද රුපියල් 800ත් 850ත් අතර මිලකට අලෙවි වන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය.

බිත්තර හා කුකුල් මස් මිල මෙසේ ඉහල යාම පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන කුකුල් මස් හා බිත්තර වෙලදුන් පවසනුයේ බිත්තර හා කුකුල් මස් තොග මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්.

මිල ඉහල යාමත් සමග බිත්තර කුකුල් මස් අලෙවියද පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වෙලදුන් වැඩි දුරටත් පවසති.

මේ අතර එලවලු මිල දැඩි ලෙස ඉහල යාම හා එලවලු හිගය හේතුවෙන් සමන්‍ය එලවලු වෙලදුන් දැඩි අසරන තත්වයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්ව එලවලු වෙලදුන් පවසනුයේ මේ වන විට එලවලු හිගයක් පවතින බවත් ලැබෙන එලවලුද මිල දැඩි ලෙස ඉහල මට්ටමක පැවතිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් වෙලදාම් සදහා එලවලු ක්‍රිලෝ හතරක් පහක් පමන ලබා ගන්නා බවත් එසේ ලබා ගන්නා එලවලු ග්‍රැම් සියය දෙසිය පනහක බැගින් විකිනිම සිදු කරන බවත් එසේ එලවලු විකිනිමද මේ වන විට දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත එලවලු සැහෙන ප්‍රමාණයක් අපතේ යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් මත තමන්ට එලවලු වෙලදාමෙන් ඉවත් විමට ිදුව ඇති තත්වයක් උදාවිමත් සමග සමග තමන්ට යන එන මං නැතිවන තත්වයන්ට පත්ව ඇති බවද පිරිස තව දුරටත් පවසති.

 

No comments

Ads Place