Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිල වැඩිවීම් මැද ජනතාව වේලෙද්දි වෙළඳ අමාත්‍යංශය ලක්ෂ 72ක මාසික කුලියකට බිල්ඩිමක් අරන්

රජය දැඩි දුෂ්කරතාවකට පත්ව තිබියදී සහ රටේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින පසුබිමක් තුළ වෙළඳ අමාත්...



රජය දැඩි දුෂ්කරතාවකට පත්ව තිබියදී සහ රටේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින පසුබිමක් තුළ වෙළඳ අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 72ක මාසික කුලියකට තම අමාත්‍යාංශයට අදාල කාර්යාල සඳහා ගොඩනැගිල්ලක් කුලියට ලබාගෙන ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය.


කොළඹ 3, ආර් ඒ ද මෙල් මාවතේ පිහිටි එල්.එච්. පියසේන සමාගමට අයත් මහල් ගොඩනැඟිල්ලක් මෙලෙස රුපියල් හත් මිලියන දෙසිය පන්දහස් පන්සියයක මාසික කුලියකට ලබා ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර මෙම කුලිය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ද තම අනුමැතිය ලබා දී ඇත .


මෙම තොරතුරු පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූයේ සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එය සභාගත කළ අවස්ථාවේදී ය.


මෙම තත්ත්වය සාධාරණීකරණය කරමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වෙලද අමාත්‍යාංශය සහ ඊට අදාළ සිසු ආයතන නිසි පරිදි පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ඉඩක් දැනට නොමැති බවයි.

 

එසේම ශ්‍රී ලංකාවේ වෙළෙඳ සම්බන්ධතා තර කිරීම සඳහා අමාත්‍යාංශයට අදාළ කටයුතුවලදී විදේශ රටවල් සමඟ කටයුතු කරන අතර විදේශ නියෝජිතයන්, තානාපතිවරුන් ඇතුළු ප්‍රභූන් නිතර නිතර අමාත්‍යාංශයට පැමිණෙන අවස්ථාවේදී පහසුකම්වලින් සමන්විත වඩාත් ඉඩකඩ ඇති ගොඩනැගිල්ලක් අවශ්‍යව පවතින බැවින් මෙම ගොඩනැගිල්ල මාසිකව රුපියල් ලක්ෂ 72 ක මුදලකට ලබා දීමට සිදු වූ බවයි.


කෙසේ වුවද වෙළඳ අමාත්‍යාංශයට අදාල විෂය පථය සම්බන්ධයෙන් සිදු කරන කටයුතුවලට ප්‍රමාණවත් ආයතනයක ඉඩ පහසුකම් පවතින බවක් විදේශ වෙළඳ දූතයන් සම්බන්ධ කටයුතුවලදී ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය කාර්යාලයේ ද ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවතින අතර එවැනි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවී තිබුණද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙවැනි බරපතළ ගැටළුවක් පවතින අවස්ථාවේදී වෙළඳ අමාත්‍යාංශය තම ගොඩනැගිලි සඳහා මෙතරම් විශාල මුදලක් වියදම් කිරීමත් පසුගිය රජය කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අති විශාල මුදලක් වියදම් කර ගොඩනැගිල්ලක් ලබා ගැනීමත් අතර කිසිදු වෙනසක් නැති බව ඒ පිළිබඳ අදහස් දක්වන විචාරකයන්ගේ මතය වී තිබේ.


-lankasara-

No comments

Ads Place