Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලියන 64ක් කප්පම් ඉල්ලූ නඩුවෙන් මා නිදොස් කර නිදහස් කරන්න..-ඇමති ප්‍රසන්න කියයි

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කොළොන්නාව...

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකුට තර්ජනය කළ රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටියේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක විත්තියේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සුළඟ රටපුරා සංවිධානය කළ නිසා මෙසේ දේශපාලන පලිගැනීමට නඩු පැවරූ බවයි.

තමන් මහ ඇමතිවරයකු ලෙස කිසිදු නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කර නැති බවද පැවසූ ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය

 

No comments

Ads Place