Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විගණනයෙන් හෙළිවුණු උමා ඔයේ වැලි කෙළියක්… වැලි සැපයුම්කරුට කෝටි 40ක් වැඩිපුර ගෙවලා…

උමා ඔය යටිනිම්න සංවර්ධන  ව්‍යායාපෘතිය යටතේ  කුඩා ඔය ජලාශයේ  බැම්ම ඉදිකිරීමට  වැලි මිලදී ගැනිමේ දී වැලිකියුබ් 01ක් අනුමත ඇස්තමේන්තුගත මිලට වඩ...



උමා ඔය යටිනිම්න සංවර්ධන  ව්‍යායාපෘතිය යටතේ  කුඩා ඔය ජලාශයේ  බැම්ම ඉදිකිරීමට  වැලි මිලදී ගැනිමේ දී වැලිකියුබ් 01ක් අනුමත ඇස්තමේන්තුගත මිලට වඩා  වැඩි මිලකට  මිලදි ගැනිම නිසා  මිලියන 399.50ක මුදලක් වැලි සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.


වැලිකියුබ් 01ක් මිලදී ගැනිම සඳහා අනුමත කොට තිබු  ඇස්තමේන්තුගත මුදල   රුපියල් 6452කි. එහෙත් විධිමත් අනුමැතියකින් තොරව  වැලිකියුබ් 01ක්  රුපියල් 10.100ක මුදලකට  මිලදීගෙන ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. 


2020 වර්ෂයේ දි අවශ්‍යවන වැලිවල මිල  ඇස්තමේන්තු කිරීමේ දී  කිලෝමිටර් 20ක දුර සිට වැලි සැපයිම හා  ඉඩම් පර්චස් 01ක  වෙළඳපොළ වටිනාකම රුපියල් 28000ක් ලෙස සලකා වැලිකියුබ් 01ක මිල රුපියල් 10.200ක් ලෙස ගණනය කොට තිබුණි. 


කෙසේවුවද වැලි සැපයුම්කරුවිසින්  ජලාශ බැම්මට මිටර් 200ක් දුරින්  කුඩා ඔයේ දිය බෙදුම ප්‍රදේශයෙන්  වැලි සපයා  ප්‍රවාහනය කොට තිබුණි. එමෙන්ම කුඩාඔය බැම්මට සපයනු ලැබු වැලි සාම්පල් අවස්ථා 04කදි  පරික්ෂාකරනු ලැබු අතර ඉන් අවස්ථා දෙකකදි වැලි සාම්පල් නියමිත ප්‍රමිතියට නොතිබුණි.


 

කුඩා ඔය ජලාශයේ  බැම්ම ඉදිකිරීම සඳහා වැලි සැපයිම 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා  එකම සැපයුම්කරුවකු විසින් ඉටුකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.


වර්ෂ 2017, 2018 සහ 2019 යන වර්ෂ සඳහා පිළිවෙළින්   වැලිකියුබ් 01ක් පිළිවෙළින් රුපියල් 6890ක්, රුපියල් 9500ක් හා  රුපියල් 10.100 බැගින් මිල ගණන් යටතේ  වැලි මිලදිගෙන තිබුණි. ඒ අනුව වර්ෂ දෙකක කාලයක් තුළ   වැලිවල මිලවැඩිවිම සියයට 46ක අගයක් ගෙන තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.

No comments

Ads Place