Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පණ අදින තෙල් සංස්ථාවට ගත්තු ඩොලර් ණයෙන් කෝටි 3553ක් කොමිස්… අනුර පාර්ලිමේන්තුවේ දී හෙලි කරයි

ණය මුදලේ පොලිය සියයට 3යි... කොමිස් මුදල සියයට 7යි... මේ මොන ණයක් ද?.  අනුර  ගම්මන්පිලගෙන් අසයි! තෙල් සංස්ථාවට ඇමරිකානු සමාගමකින් ඩොලර් මිලිය...



ණය මුදලේ පොලිය සියයට 3යි... කොමිස් මුදල සියයට 7යි... මේ මොන ණයක් ද?.  අනුර  ගම්මන්පිලගෙන් අසයි!


තෙල් සංස්ථාවට ඇමරිකානු සමාගමකින් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට ඛණිජතෙල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවත්,  කැබිනට් අනුමැතිය ලැබුණු එම ණය මුදලේ පොලිය සියයට තුනක් වුවද කොමිස් මුදල සියයට හතක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.


මේ තරම් අශිෂ්ට ලෙස මෙවැනි ගනුදෙණු සිදුවන්නේ  ඩොලර් මිලිය 3400ක් රජයේ ප්‍රධාන බැංකු දෙකට ණය වී රාජ්‍ය බැංකු දෙකත් අස්ථාවර කිරීමේ බිහිසුණු අවදානමට තෙල් සංස්ථාව පත් වී ඇති වටපිටාවක බව කී මන්ත්‍රීවරයා ජාත්‍යාන්තර බැංකුවක සියයයට තුනක රක්ෂණයකින් තොරව ඛණිජ තෙල් සංස්ථාවේ ණයවර ලිපි පිළිනොගන්නා තරම් රටත් සංස්ථාවත් ලෝකය හමුවේ බංකොලොත් වී ඇති විට මෙවැනි ගනුදෙණු සිදුවීම පිළිබඳව ඇතිවන්නේ දැඩි කම්පාවක් බව කීවේය.


“ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත දිගුකාලීන  ඇමරිකානු ඩොලර්   ප්‍රතිමූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම. “  යන තේමාව යටතේ ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාව පෙන්වූ මන්ත්‍රීවරයා  එහි  පොලී අනුපාතය සියයට තුනක් ලෙසත්,  ණය සම්පාදන ගාස්තු සහ වෙනත් කළමනාකරණ ගාස්තු ණය මුදලින් සියයට හතක් ලෙස දක්වා ඇති ආකාරය පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නේය.


මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.


“බලශක්ති ඇමතිවරයා පසුගිය දා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළා  ඩොලර් බිලියන දෙක හමාරක ණයක්  ගන්න ඇමරිකානු සමාගමකින්. පොලිය සියයට තුනයි. කමිෂන් එක සියයට හතයි. කැබිනට් පත්‍රිකාව මා සතුව තිබෙනවා.   ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණයක් ඇමරිකානු සමාගමකින් ගන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළත්  මේ කමිටුව පත් කළේ ඩොලර් මිලියන දහසක් ගැන සාකච්ඡා කරන්න. ඒ කියන්නෙ ඩොලර් බිලියනක ණය මුදලක් ගන්න තමයි කමිටුවට බලය දුනනේ.“


“නමුත් කැබිනට් පත්‍රිකාව එනවා ඩොලර් මිලිය දෙදහස් පන්සියයක ණය මුදලක් ගන්න. පොලිය සියයට තුනයි. කොමිස් එක සියයට හතයි. ඒ කියන්නේ ඩොලර් මිලියන එකසිය හැත්තෑපහයි කොමිස් එක.


“ඩොලර් මිලියන 175ක් කොමිස් ගෙවන්න?. මොන ණය මුදලක් ද මේ ගන්න යන්නේ.  ඩොලර් එක් රුපියල් 203ට බැලුවත් ඩොලර් මිලියන 175ක් කියන්නේ රුපියල් මිලියන තිස් පන් දහස් පන්සිය තිස් පහයි. ලංකාවෙ මොන ව්‍යාපෘතියට ද රුපියල් මිලියන තිස් පන් දහස් පන්සිය තිස් පහක් කොමිෂන් ගෙවන්නෙ. එය මොන ව්‍යාපෘතියක් ?. මොන ණය මුදලක් ද ඒක.“


“හැබැයි අමාත්‍ය උදය ගම්මන්පිල ඒක කැබිනට් මණ්ඩලයට දැම්මා. තමුන්නාන්සෙල අත උස්සලා ඒක අනුමත කළා.  රුපියල් මිලියන තිස් පන්දහස් පන්සියයක් කොමිස් ගන්න ණයක් ගන්න.“


“ඔබ හිතනව ද ඒව මූල්‍ය සමාගම් වලට විතරයි යන්නෙ කියලා. නෑ. ගොඩාක් අය අතරෙ මේවා බෙදිලා යන්නේ. “


තවත්  උදම් අනන්නට නොව බදාගෙන ඇඬිය යුතු තත්වයක් නිර්මාණය වී ඇති බව කී මන්ත්‍රීවරයා පසුගිය මස පැමිණි බොරතෙල් නැව    ගොඩ බා ගත නොහැකි තරමට රට බංලොත් වී ඇති අයුරු සිහි කළේය.  පෙට්‍රල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ  ටෙනඩර කැඳවීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණ ආකාරය පෙන්වා දුන්නේය.


මන්ත්‍රීවරයා කීවේ මෙවැනි දූෂණ සිදුවෙමින් ඇත්තේ ජාත්‍යාන්තරව බංකොලොත්  වුණු  රටක බංකොලොත් තෙල් සංස්ථාවක් තුළ බවය.

No comments

Ads Place