Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති පුතුන් තිදෙනාම විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරග බලන්නට ඩුබායිවලට…

අග්‍රමාත්‍ය පුතුන් තිදෙනාම මේ වනවිට ඩුබායි හි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය නැරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ. ක...




අග්‍රමාත්‍ය පුතුන් තිදෙනාම මේ වනවිට ඩුබායි හි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය නැරඹීමට සූදානමින් සිටින බව වාර්තා වේ.


ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස  දෙටු පුත් නාමල් රාජපක්ෂ  ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට ඩුබායි බලා පිටත්වීමට සූදානමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශය වාර්තා කරයි.


දෙවැනි පුත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී  යෝෂිත රාජපක්ෂ මේ වනවිට ඩුබායි වෙත ගොස් ඇත.


මේ වනවිට  ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූ අගමැති කණිටු පුත් රෝහිත රාපක්ෂ ආදි ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමත් සමග ඩුබායි වෙත ගොස් තිබේ.


පසුගිය දා කටුනායක ක්‍රීඩාංගනයේ දී අන්තර් සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා කළුතර ටවුන් ක්ලබ් නියෝජනය කරමින් නාවික හමුදා කණ්ඩායම සමග තරග කළ රෝහිත රාජපක්ෂ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.


කෙසේ වෙතත් අවසන් පූර්ව වටයට පිවිසිය නොහැකි වූ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම දිවයිනට පැමිණ ඊයේ සිටම සිය පුහුණුවීම් සැසි එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ දී ආරම්භ කළේය.


හිරු –

No comments

Ads Place