Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැද ඩොලර් මිලියන 101ක සංචාරක ආයොජනයකට අනුමැතිය

කොරෝනා මැද ඩොලර් මිලියන 101ක සංචාරක ආයෝජන අනුමැතියට… November 17, 2021 at 5:30 pm | lanka C news පසුගිය මාස 09 තුල කොවිඩ් වසංගතය මධ්‍ය යේ වු...


කොරෝනා මැද ඩොලර් මිලියන 101ක සංචාරක ආයෝජන අනුමැතියට…

November 17, 2021 at 5:30 pm | lanka C news

කොරෝනා මැද ඩොලර් මිලියන 101ක සංචාරක ආයෝජන අනුමැතියට…

පසුගිය මාස 09 තුල කොවිඩ් වසංගතය මධ්‍ය යේ වුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 101 ක සංචාරක ආයෝජන ඉදිරිපත්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙලෙස ඉදිරිපත්ව ඇති සංචාරක ආයෝජන යෝජනා සංඛ්‍යාව 33 කි. මෙම ව්‍යාපෘති වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 92 ක සංචාරක ආයෝජන 22 ක් සදහා මේ වන විට අනුමැතිය ලබා දී අවසන්ව තිබේ. ඉතිරි ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමට ද කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගිතා කුමාරසිංහ මහත්මිය විසින් පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දි ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කථාව කරමින් ඇමතිවරයා මේ බව හෙළිදරව් කළේය.

වසර 2500කටත් වඩා ලිඛිත ඉතිහාසයක් ඇති ශ්‍රි ලංකාවේ පෞරාණික වටිනාකම් ඇති ස්ථාන, දේශගුණික කළාපයන් සහිත ස්වාභාව සෞන්දර්යයනේ පිරුණු ස්ථාන නිවැරිදි ව හදුනාගෙන සංචාරකයන්ට සුවපහසු සංචාරක ස්ථාන බවට පත් කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරිය සිය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියාය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ මේ වන විට දිවයින පුරා සංචාරක ආකර්ෂණිය ස්ථාන 5500 ක් පමණ අලුතින් හදුනාගෙන ඇති බවයි. ජාතික උරුමයන්, ආගමික, පාරිසරික, ස්වභාව සෞන්දර්යය, ජල මූලාශ්‍ර, ජාතික වනෝද්‍යාන, වනජිවි උද්‍යාන හා මුහුදු තීර වැනි ක්ෂේත්‍ර යටතේත් දිස්ත්‍රික් මට්ටමින් ඒවා වර්ගීකරණය කර ඇතැයි ද ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය. සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම ස්ථාන ප්‍රමුඛතා අදියර 03  ක්  යටතේ ලැයිස්තුගත කර ප්‍රවර්ධනයට සැලසුම් කර තිබේ. එහි ප්‍රථම පියවර යටතේ හදුනාගත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 130 ක් සම්බන්ධයෙන් වීඩියෝ වාර්තා සැකසීමටත් දෙවන පියවර ලෙස මෙම නව සංචාරක ආකර්ෂණිය ස්ථාන සතිපතා අන්තර්ජාලය හරහා ලොවපුරා ප්‍රචාරය කිරිමටත් කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා කීවේය.

සංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධනය සදහා  පස්වැදෑරුම් වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මකයි. සංචාරක ගමනාන්ත සංවර්ධනය, සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන වැඩි දියුණු කීරිම, පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත බලකොටු සංවර්ධනය, ප්‍රජා සත්කාර ගම්මාන ස්ථාපිත කිරිම සහ සංචාරක මානව ප්‍රාග්ධන සංවර්ධනය මෙම පස්වැදෑරුම් වැඩපිළිවෙලයි. සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථාන සංවර්ධනය යටතේ ගාල්ල, කළුතර, මීගමුව හා ඇල්ල දුම්රිය ස්ථාන දැනටමත් සංවර්ධනය කර ඇත. බණ්ඩාරවෙල, නානුඔය දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණීය දුම්රිය ස්ථාන ලෙස සංවර්ධනයට මේ වසරේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 62 කි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කල්පිටිය, මන්නාරම, මඩකලපුව වැනි බලකොටු සංවර්ධනයට ද පියවර ගෙන තිබේ.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක සංචාරක කළාප සංඛ්‍යාව 16 කි. ඉදිරියේ දි නව සංචාරක කළාප 03 ක් අලුතින් හදුන්වා දීමට ද සැලසුම් කර තිබේ. ඒ නුවරඑළිය, හික්කඩුව සහ දෙණියායයි. ඉදිරියේ දි මේවා ගැසට් මගින් සංචාරක කළාප ලෙස ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි. මෙම සංචාරක කළාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය සදහා අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව හදුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

No comments

Ads Place