Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවත් කළ ගැසට් එක නිකුත් වේ… උපරිම සිල්ලර මිල පැනවූ ගැසට් 07ක් අවලංගු වේ…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෛ්. සීනි ,පරිප්පු ,කුකුල් මස් ,...




පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෛ්.


සීනි ,පරිප්පු ,කුකුල් මස් ,වියළි හාල්මැස්සන් ,අර්තාපල් ,ටින් මාළු ,කඩල, තිරිඟු පිටි , යොදය සහිත කිරිපිටි ,කරවල, පොල් ,බඩ ඉරිඟු ,වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ(03) දින සිට ඉවත්කරමින්  මෙම  අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.‍


ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම   පාරිභෝගික අධිකාරිය විසින් විවිධ පාරිභෝගික භාණඩවල පාලන මිල දක්වා ඉදිරිපත් කර තිබූ ගැසට් නිවේදන 07ක් අවලංගු වේ.   ඒ අනුව අවංලගුවන ගැසට් පත්‍ර මෙසේය.


 පසුගිය සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය

ඊට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය

ඊට අමතරව බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රය

  එදිනම කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය

2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය

2017 ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය

 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය

මීට පෙර සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍රය ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.



-කීර්ති ප්‍රනාන්දු-

No comments

Ads Place