Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව විසිවෙයි… පිට පිට 03වන තරගයත් පරදී… එංගලන්තට ලකුණු 26ක ජයක්…

එංගලන්තය පහසු ලකුණු 26ක ජයග්‍රහණයක් වාර්තා කළේය. කාසියේ වාසිය වැඩක් වුනේම නැත. ලකුණු 164ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා ක...




එංගලන්තය පහසු ලකුණු 26ක ජයග්‍රහණයක් වාර්තා කළේය. කාසියේ වාසිය වැඩක් වුනේම නැත. ලකුණු 164ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 19ක් තුළ ලකුණු 137කට සියල්ලෝ දැවී ගියහ.


ඊයේ (01) සාජාහි පැවති තරගයෙන් පසු ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා සුන් වී ඇත. දැන් අවසන් පූර්ව වටයට යෑමේ   බලාපොරොත්තුවත් ඉවරය.


කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව මුලින්ම පන්දු රැකීම තේරුවේය.  පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම  කඩුලු 04කට ලකුණු 163ක් ලබාගෙන ලකුණු 164ක ඉලක්කයක් ශ්‍රි  ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.


පන්දු ඕවර පහයි පන්දු දෙක්ක අවසන් වනවිට එංගලන්ත පිලේ කඩුලු 3ක් බිඳ වැටී තිබිණි. ලබාගෙන තිබුණේ ලකුණු 35කි.  එහෙත් තරගයක ස්වරූපය වෙනස් කරන ආකාරය එංගලන්තය පෙන්නුවේය. සිවුවන කඩුල්ලට ජොස් බට්ලර්  සහ නායක ඉයන් මෝර්ගන් ලකුණු  112ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

No comments

Ads Place