Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Moody’s ශ්‍රී ලංකාව අන්තිම ගැට්ටට දමයි.. තව නූලකින් බංකොලොත්..

ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa1 දක්වා Caa2 සිට පහත හෙළා ඇත. ඔවුන් පෙන්වා දී ඇත...



ශ්‍රේණිගත කිරීමේ ලෝක ප්‍රකට ආයතනයක් වන මූඩීස් ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම Caa1 දක්වා Caa2 සිට පහත හෙළා ඇත.


ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතා අවම වී ඇති තත්ත්වය මත විදේශ ණය ආපසු ගෙවීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.


ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සඳහා බාහිර ද්‍රවශීලතා අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් මෙම ශ්‍රේණිගත කිරීම ජූලි 19 වන දින ආරම්භ කරන ලද සමාලෝචනයක කොටසක් බව එහි සඳහන්ය.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ශ්‍රේණිගත කිරීම පිලිගත නොහැකි බව සඳහන් කරමින් කියා සිටින්නේ ශ‍්‍රී ලංකා රජය සිය ණය බැඳීම් සපුරා දීමට කැප වී සිටින බවයි.


එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් කාලානුරූපී සහ පිළිගත නොහැකි තත්ත්වයක් ඇති බවද මහ බැංකුව කියා සිටියි.


 ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම්වලට පහලින් ඇත්තේ බංකොලොත් තත්වයේ ශ්‍රේණිගත කිරීම්ය

No comments

Ads Place