Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විනිසුරු ගිහාන් පිලපිටිය ට එරෙහි නඩුව අහෝසි කෙරේ

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරම...

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවක් නිකුත් කළේය.

එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අදාළ නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා තීරණය ද අහෝසි කරමින් තවත් රිට් ආඥාවක්  අධිකරණය විසින් නිකුත් කෙරුණි.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම තීන්දුව දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මකව දුරකථන හඬපට සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට මීට පෙර පෙර උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කරුණු වාර්තා කළ අතර එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබුණි.

තමන්ට එරෙහිව පොලිසිය විසින් නීතිපති උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා පත්‍රය හා එම අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි යැයි තීන්දු කොට ඒවා බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලමින් ගිහාන් පිලපිටිය මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

No comments

Ads Place