Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දරුවන් එකොලහක් පැහැරගෙන මරා දැම්මා නම් කරන්නාගොඩට දඬුවම් ලැබිය යුතුයි…

අහිංසක දරුවන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා එය නොලැබුන විට ඝාතනය කලේ නම් හමුදාපති නොව කවුරු වුවත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුත...



අහිංසක දරුවන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා එය නොලැබුන විට ඝාතනය කලේ නම් හමුදාපති නොව කවුරු වුවත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

වසන්ත කරන්නාගෙඩ මහතා එවකට නාවික හමුදාව හමුදාපතිව සිටි බවත් තමන් ද ඒ කාලයේ යුද හමුදාවට අණ දුන්න ද එවන් තිරිසන් වැඩ අනුමත නොකරන බවත් ඔහු පැවසීය.

මෙවන් වැඩ කරන අයට දඬුවම් කළ යුතුයි කියන මතයේ තදින්ම ඉන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහුට යම් නිදහසක් ලැබෙයි නම් හෝ නඩුව ඉවත් කර ගන්නවා නම් තමන් පෞද්ගලිකව එය අනුමත නොකරන බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

හමුදාපති කෙනෙක් හෝ කවුරුන් හෝ අපරාධයක් කළ හොත් එම පුද්ගලයාට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් විමසීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමිනි.

No comments

Ads Place