Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ අම්මා ඉතාලියේදී දූලා දෙන්නා මරලා පැනලා ගිහින්

ඉතාලියේ වෙරෝනා හි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (26) උදෑසන ද...




ඉතාලියේ වෙරෝනා හි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඊයේ (26) උදෑසන දරුවන්ව ඝාතන කර 33 හැවිරිදි සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේද්‍ර මහවඩුගේ නමැති මෙම කාන්තාව පලාගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


මෙම කාන්තාව ඇගේ 3 සහ 11 හැවිරිදි දියණියන් වන සබඳි සහ සඳනි සමඟ ජනවාරි මාසයේ සිට එහි පදිංචිව සිට ඇත.


වැනීසියේ බාල වයස්කාර උසාවියේ නියෝගයකින් දරුවන් දෙදෙනා සිය පවුල වෙසෙන නිවසින් ඉවත් කළ යුතු බවට නියෝග කිරීමෙන් පසු දැරියන් දෙදෙනා පියාගෙන් ඉවත් වී මව සමඟ ජීවත් වී තිබේ.


අදාළ කාන්තාව පෝටෝ සැන් පැන්ක්‍රාසියෝ දිස්ත්‍රික්කයේ වෙරෝනා මහ නගර සභාවෙන් පාලනය වන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක සිට ඇත.


එම ස්ථානයේ සේවය කරන අයෙකු විසින් ඊයේ උදෑසන 9ට පමණ සබාදි සහ සඳනිගේ මළසිරිරු සොයා ගෙන තිබේ.


එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයාගේ මූලික සොයාගැනීම්වලට අනුව සබඳ සහ සඳනි පසුගියදා මියගොස් ඇති බවත් ඔවුන්ගේ සිරුරුවල ප්‍රචණ්ඩත්වයේ කිසිදු සලකුණක් නොමැති බවත් සොයා ගෙන ඇත.


ඇය ඔවුන්ව හුස්ම හිර කර මරා දමා ඇති බවට සැක කෙරෙන නමුත් ඔවුන් මිය ගිය ආකාරය පැහැදිලි කර ගැනීම සඳහා අද(27) දිනයේ මෙම දැරියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය සිදු කෙරෙනු ඇත.


දැරියන් ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


අපරාධ විමර්ශන කණ්ඩායම් සමග මෙම ස්ථානයට වෙරෝනා නගරාධිපති ෆෙඩරිකෝ ස්බෝරිනා ද පැමිණ ඇත.


මෙම ඝාතන සම්බන්ධයෙන් සැකකාර ශ්‍රී ලාංකික මව සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර ඇය සොයාදෙන ලෙස සමාජ ජාල තුළ ලාංකිකයන්ගෙන් අභියාචනයක් ද දියත් කරන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.


එම දරුවන්ගේ පියා දරුවන්ගේ මරණය සම්බන්ධයෙන් දැනගෙන තිබෙන්නේ ඔහුගේ හිටපු සේවායෝජකයා ඔහුට එවූ ප්‍රවෘත්ති ඒජන්සියක ස්ක්‍රීන්ෂොට් එකකින් බව ද එරට වාර්තා සඳහන් කරයි.

No comments

Ads Place