Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) සමත් විය. ත...




T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) සමත් විය.


තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.


ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.


එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නයිම් ලකුණු 62ක් රැස් කළ අතර මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.


පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට  පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.


එහිදී පන්දු 49කට මුහුණ දුන් චරිත් අසලංක නොදැවී ලකුණු 80ක් ලබාගැනීමට සමත් වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.


භානුක රාජපක්ෂ ලකුණු 53ක් රැස් කළේය.


පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනු‍වෙන් ෂකිබ් අල් හසන් සහ නසුම් අහමඩ් කඩුලු 2ක බැගින් දවාගත් අතර මොහොමඩ් සයිෆුදීන් එක් කඩුල්ලක් දවා ගත්තේය

No comments

Ads Place