Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආයුධ කල්ලි ගැන බලධාරීන් සාකච්ඡා කරද්දි නිවසකට ප්‍රහාරයක්… දේපලත් හානි..

උතුරු පලාතේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡාවක් උතුරු උතුරුපලාත් ආණ්ඩුකාර ක...



උතුරු පලාතේ නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පලාතේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡාවක් උතුරු උතුරුපලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වනු ලැබීය.


උතුරු පලාත් නව ආණ්ඩුකාර් ජීවන් ත්‍යාගරාජා මහතා වැඩි භාර ගැනීමෙන් පසුව උතුරු පලාත් ජ්‍යේෂ් නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා ඇතුලු නාවික හමුදාවේ සහ ගුවන්හමුදාවේද යුදහමුදාවද නියෝජනය කරමින් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්වුණි.


එහිදී උතුරු පලාතේ ආරක්ෂක තත්වය මෙන්ම ආරක්ෂක අංශ විසින් සාමාන්‍ය ජනතාව සමග කටයුතු කරන ආකාරය පිළිබඳවද උතුරු පලාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කරන ලද අතර ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සමාජ විරෝධි ක්‍රියාවන් සම්බන්දයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.


එහිදී යාපනයේ ආයුධ කල්ලි මැඩපැවත්වීමටද ආරක්ෂක අංශ ගතහැකි උපරිම පියවර ගෙන ජනතාව ආරක්ෂා කරන ලෙසද උතුරු ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.


මේ අතර 21 දින රාත්‍රියේම යාපනය නීර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට තියුණු ආයුද ගත් පිරිසක් විසින් ඇතුල් වී නිවසේ දේපල රැසකට හානි කොට පලා ගොස් ඇති බවටද යාපනය පොලීසිය පවසයි.


තියුණු ආයුධ ගත් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මුහුණු ආවරනය කොට ගෙන නිවසට ඇතුල් වී නිවැසියන් බිය ගන්වා දේපල රැසකට හානි කොට පලාගොස් ඇති අතර අදාල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.


– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments

Ads Place