Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහේල ජයවර්ධන ගැන ශ්‍රී ලංකා ක්‍රිකට්, තීරණයක් ගනී

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහාද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීම සම්බන්ධයෙන්...






විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහාද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා. 

මහේල ජයවර්ධන මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග උපදේශකයෙකු ලෙස එක්ව සිටින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයට පමණයි. 

එහෙත් සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතාවලට මහේල ජයවර්ධනගේද ඉහළ දායකත්වයක් ලැබී ඇති බැවිනුයි ඔහුගේ සහය තවදුරටත් ශ්‍රී ලංකා පිලට ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇත්තේ. 

මහේල ජයවර්ධන විසින් සිදුකරන සැලසුම් සහ මානසික තත්ත්වය ඉහළ නැංවීමට ගත් පියවර පිළිබද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට පෙර අගය කරමින් අදහස් පළ කළා. 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් තරගය නෙදර්ලන්තය සමග අද පැවැත්වෙනවා. සුදුසුකම් ලබාගැනීමේ වටයේ ඒ කාණ්ඩයේ අනික් තරගය අද පැවැත්වෙන්නේ අයර්ලන්තය සහ නැමීබියාව අතරයි.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයට බී කාණ්ඩයෙන් සුදුසුකම් ලැබීමට බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය සමත් වුණා. බංග්ලාදේශය, පැපුවා නිව්ගිනියා කණ්ඩායම ලකුණු 84 කින් පරාජයට පත් කළ අතර ස්කොට්ලන්තය කඩුළු 08 කින් පරාජයට පත් කළේ ඕමාන කණ්ඩායමයි

No comments

Ads Place