Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති හා අදානි සභාපති අතර හමුවක්?

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි. ගෞතම් අදානි මහතා අද (25) දිනයේ දි ...

අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

ගෞතම් අදානි මහතා අද (25) දිනයේ දි ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර ඇත.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු අදානි සමුහ ව්‍යාපාරයට ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් ගෞතම් අදානි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

ගෞතම් අදානි මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එලෙස අද දිනයේ දිවයිනට පැමිණෙන අතර ජනාධිපතිවරයාට අමතරව රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද එහිදි හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

කොළඹ වරාය බටහිර පර්යන්ත ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ලබන නොවැම්බර් මස ආරම්භ කිරිමට නියමිත බව අදානි සමුහ ව්‍යාපාරය විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබුණි.

 

No comments

Ads Place