Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට ළමුන්ට අවස්ථාව

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය ...




දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 06කට ආසන්න කාලයක් දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර අදියර කිහිපයක් යටතේ යළි පාසල් විවෘතකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා පියවර ගනු ලැබීය.


ඒ අනුව, පසුගිය 21 වනදා ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණි.


එහි දෙවන අදියර වශයෙන් අද දිනයේ සිට දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භකිරීමට නියමිතය.


නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (24) දිනයේ සිදුකෙරුණි.


සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි පංති කාමරවල අධ්‍යයන කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති අතර වැඩි ළමුන් සංඛ්‍යාවක් සිටින පංති සඳහා කණ්ඩායම් වශයෙන් ළමුන් පාසලට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.


මේ අතර අද දිනයේ පාසල් පැමිණීමේ දි නිල ඇඳුම බාධාවක් කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


සුදුසු ඇඳුමකින් සැරසි පාසල් වෙත පැමිණීමට ළමුන්ට අවස්ථාව හිමි වන අතර සපත්තු පැළඳීම ද අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.


අධ්‍යයන කටයුතු ආරම්භ කරන පාසල් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.


එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පාසල් ගුරුවරුන්ට, ළමුන්ට සහ දෙමව්පියන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සුදානමින් සිටින බවය.


මේ අතර අද දිනයේ සිට සියලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමට තීරණය කර තිබේ.


වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කර තිබු අතර එම වැඩවර්ජනය තාවකාලිකව නතරකිරීමට තීරණය කර ඇති බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පෙන්වාදෙති.


ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණියද සිය ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව අරගල සිදුකරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.


කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මේ වන විට සිය වෘත්තීය සටන පවා දී ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් ඉන්දික පරණවිතාන මහතා සඳහන් කළේය

No comments

Ads Place