Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රසායනික පොහොර ඉල්ලා වතුකරයත් පාරට

  ජිවන වියදම ඉහල යාම සහ තේ වගාවට සහ එලවළු වගාවට රසායන පොහොර ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානය (16) දින තලවකැලේ නගරයේදි උද්ඝෝෂණය...










 ජිවන වියදම ඉහල යාම සහ තේ වගාවට සහ එලවළු වගාවට රසායන පොහොර ලබාදෙන ලෙස බල කරමින් දමිල ප්‍රගිතිශිලි සන්ධානය (16) දින තලවකැලේ නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

කම්කරු ජාතික පෙරමුණ ,කම්කරු ජාතික සංගමය සහ කදුරට ජනතා පෙරමුණේ සමාජිකයන් එක් කරගනිමින් දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වන පලනි දිගම්බරම් , වි.රාධාක්‍රිෂ්ණන් , එස්.උදයකුමාර් සහ කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝගනේෂන්, මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.වේළුකුමාර් යන මහතුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණය සිදු කෙරිණ.

උද්ඝෝෂණයට සහභාගි වු පා.ම කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහල යාම හමුවේ වතුකරයේ ඇතුළු සමස්ත රටේ ජනතාවගේ ජිවන වියදම ඉහල ගොස් ඇති බවයි.

රසායනික පොහොර නොමැති විම නිසා තේ වගාවේ ඵලදාව අඩු වි ඇති බවත්, ඒ තුලින් වතු කම්කරුවන්ගේ වැඩ දින ගණන අඩු නිසා ඔහුන්ගේ ආර්ථික තත්ත්වය පහල වැටි ඇති බවයි.

වතු කම්කරුවන් අමතර අදායමක් ලබා ගැනිමේ අරමුණින් එලවළු වගාව සිදු කලද එම එලවළු වගාව සිදු කිරිමට රසායනික පොහොර කෘමිනාශක නොමැති විම නිසා ඔහුන්ගේ එලවළු වගාවේ අදායමද පහත වැටි ඇති බවයි.

මෙම උද්ඝෝෂනයට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන අයතන වල මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වි සිටිහ.

No comments

Ads Place