Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නඩේසන්ගෙන් මරණ තර්ජන..චමින්ද විජේසිරි පොලිසී යයි.

පැනඩෝරා පත්‍රිකා මගින් කර තිබූ හෙලිදරව්ව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පළකිරීමෙන් පසුව තමනට තිරු නඩේෂන් නම් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා තර්ජනයක්...

පැනඩෝරා පත්‍රිකා මගින් කර තිබූ හෙලිදරව්ව ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පළකිරීමෙන් පසුව තමනට තිරු නඩේෂන් නම් පුද්ගලයෙක් දුරකථනයෙන් අමතා තර්ජනයක් කළේ යැයි පාර්ලිමේන්තු චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

එම ඇමතුමෙන් ජීවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කළ බව තමාට හැඟී ගිය නිසා තමන් ඒ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක් කළ බව ද ඔහු පැවසීය.

නමුත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදු නොවුනද අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු පමණක් විමසීමක් කළ බවද හෙතෙම කීය.

මෙම සිදුවීමෙන් තමන්ගෙන් වැළකී වරප්‍රසාද කඩ වීමක් සිදුව ඇති බැවින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා ‘ඒ කතා කළේ තිරූ තමයි’ යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place