Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුදුලූනු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාවට අදාළව 25 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ...

සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාවට අදාළව 25 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිලෝග්‍රෑම් 54,000 ක සුදුලූනු කන්ටේනර් 2ක් වංචාසහගත ලෙස මිල දී ගත් බවට චෝදනා එල්ල වී ඇති බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේය.

රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික මෙම වංචාවට අදාළ කූඨ ලේඛන සකස් කර ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 25 හැවිරිදි මෙම සැකකරුට චෝදනා එල්ල වී ඇත.

සැකකරු අද (23) දිනයේ වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුදුලූනු තොගය වංචා කිරීමේ සිද්ධියට අදාළ 55 හැවිරිදි බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයා පසුගිය 06 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය

 

No comments

Ads Place