Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෙම්වතිය නැන්දම්මා අරන් ගියැයි පෙම්වතා කුළුණකට නගී… ඉල්ලීම ඉටු කරන්නැයි ප්‍රදේශවාසීන් පාර වසා විරෝදතා

  පෙම්වතිය අහිමි වීමේ සිත්තැවුලෙන් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුනකට ඊයේ (27) සව...

 



පෙම්වතිය අහිමි වීමේ සිත්තැවුලෙන් වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ දුරකථන සංඥා කුළුනකට ඊයේ (27) සවස නැඟ සියදිවි හානිකරගැනීමටත් ගත් උත්සහයක් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව වැලක්වීමට සමත් විය.


පොලිසිය,ඥාතීන්,ප්‍රදේශවාසීන් පැමිණ අදාළ තරුණයාට දුරකථන සංඥා කුළුනින් බසින ලෙස ඉල්ලා සිටියද හෙතෙම දුරකථන කුළුනින් බැසීම ප්‍රතික්ශේප කරමින් පැය හතරකට ආසන්න කාලයක් දුරකථන සංඥා කුළුන මත සිට විරෝධය පාමින් පවසා ඇත්තේ තමන්ගේ පෙම්වතිය නැවත තමන් ලඟට රැගෙන එන තෙක් නොබසින බවටත් එසේ නොවුනහොත් කුළුනෙන් පැන සිය දිවි හානිකරගන්නා බවටත්ය.


අනතුරුව පොලිසිය මැදිහත්වි අදාළ තරුණයාගේ ගැටළුවට විසදුමක් ලබාදෙන බවට පොරොන්දුවීමෙන් අනතුරුව තරුණයා පැය හතරක කාලයකට පසුව දුරකථන සංඥා කුළුනින් බසිනු ලැබූ අතර අනතුරුව තරුණයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනීමත් සග තරුණයාගේ ඥාතීන් විසින් ඒ-9 මාර්ගයේ විරෝධතාවක නිරත වූවේ තරුණයාට සාධාරණය ඉටුකර දෙන මෙන් පොලීසියට බල කරමින් වූ අතර පසුව පොලීසිය විසින් එය පාලනය කරන ලදි.


වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු මීට මාස පහකට පමණ පෙර විවාහ ගිවිසගෙන ඇති අතර,විවාහ ගිවිස ගැනීමෙන් අදාළ තරුණියද තරුණයාගේ නිවසේ රැදී සිට ඇති අතර අනතුරුව තරුණියගේ මව ඇතුලු ඥාතීන් විසින් මීට දින හතකට පෙර තරුණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවට තරුණයා විසින් වව්නියාව පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදුකොට ඇත.


නමුත් එම පැමිණිල්ලටද තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් තරුණයාට ඇති වු සිත් තැවුලට දුරකථන සංඥා කුළුනට නැගීම සිදුකළ බවට එම තරුණයා පැවසීය.


කෙසේ වෙතත් අදාල තරුණයාගේ ක්‍රියාවත් ප්‍රදේශවාසී තරුණයින් පිරිසක් බීමතින් නොසන්සුන්ව හැසීරීමත් හේතුවෙන් තත්වය පාලනය කිරීමට පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.


– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments

Ads Place