Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර විරෝධතාවකට නගර සභාවෙන් බාධා

  පොහොර විරෝධතාවකට නගර සභාවෙන් බාධා.. තම වගාවන්ට රසායනික පොහොර ලබාදෙන ලෙස සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගය (21) දින නා...

 


පොහොර විරෝධතාවකට නගර සභාවෙන් බාධා..


තම වගාවන්ට රසායනික පොහොර ලබාදෙන ලෙස සහ ජිවන බර ඉහල යාමට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගය (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි පෙලපාලියක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණ.


ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.


නාවලපිටිය නගරයේ විරෝධතා පෙලපාලියකින් පැමිණ ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයා ඇතුළු ආධාරකරුවන් නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරතවිය.


උද්ඝෝෂණයේ නිරතව සිටි ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ රසායනික පොහොර නොමැති විමෙන් සහ නාවලපිටිය ප්‍රදේශයේ කෘෂිකර්මාන්ත ජිවන උපාය වශයෙන් සිදු කරගෙන යන විශාල පිරිසක් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි.


තවද ජිවන වියදම ඉහල යාම හමුවේ ජනතාව කබලෙන් ලිපට වැටි ඇති බවද සසංක සම්පත් සංජිව මහතා පැවසිය.


නාවලපිටිය නගර සභාව විසින් නාවලපිටිය නගරයේ සවි කර ඇති මහජන ඇමතුම් ශබ්ද විකාශන යන්ත්‍ර වල ශබ්දය වැඩි කර තම උද්ඝෝෂණයට බාධා පැමිණ විමට නගර සභාවේ පාලකයින් විසින් පියවර ගත් බවද සසංක සම්පත් සංජිව මහතා කියා සිටිහ.


– හැටන් රංජිත් රාජපක්ෂ

No comments

Ads Place