Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාවට කොළඹ වරාය නගරය නැරඹීමට අවස්තාවක්

  කොවිඩ් -19 සම්බන්ධ සීමාවන් ඉවත්කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරය මහ ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට සැලසුම් ස...

 

කොවිඩ් -19 සම්බන්ධ සීමාවන් ඉවත්කළ පසු කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය සහ වෙරළ තීරය මහ ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ. 

කොළඹ වරාය නගරය හෙවත් "පෝර්ට් සිටි" ව්‍යාපෘතියට මේ වනවිට වසර 7ක් සම්පූර්ණ වී තිබේ.

එහි මුහුද ගොඩකිරීම් සහ අනෙකුත් මුලික කටයුතු 2014 වසරේ දී ආරම්භ විය.

අදාළ ව්‍යාපෘතියේ මූලික ගොඩකිරීම සහ අභ්‍යන්තර යටිතල පහසුකම් සඳහා සෘජු විදේශ ආයෝජනයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.

ඉදිරි වසර 25ක කාලය තුළ එම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් ආයෝජනයන් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු චීන රජය සතු සමාගමක් වන "චයිනා හාබර් ඉංජිනියරින් සමාගම" මගින් සිදුකරයි.

ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් පිඑල්සී පසුගිය වසරේදී නිවේදනය කළේය.

කොළඹ වරාය නගර අර්ථික කොමිෂන් සභා පනත පොර්ලිමේන්තුවේදී සම්මතවීම සහ එම කොමිෂන් සභාව පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

ඉදිරි වසර කිහිපය තුළ කොළඹ නගරය තවදුරටත් පරිවර්තනයට ලක්කරමින් එය ලොව විශිෂ්ටම නගර අතරින් එකක් බවට පත්කිරීම එම ව්‍යාපෘතියේ අපේක්ෂාව බව ව්‍යාපෘතිය භාර සමාගම පැවසීය.



No comments

Ads Place