Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥානසාර හිමි පත් කලේ මට උපදෙස් දෙන්නයි..- ජනාධිපති

  එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන ලද්දේ රටට නීති සැදීමට නොව තමන්ට උ...

 



එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන ලද්දේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.


ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවක දී අදාළ බලකාය ගැන විමසූ විට ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.


තමනට උපදෙස් දීම සඳහා පත් කරන බලකායට තමනට අභිමත කෙනෙක් පත් කර ගැනීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.


තමන් කරන කියන සෑම දේකටම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියහොත් තමනට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනද ඔවුන් ගෙන් අවසර ගන්නට සිදුවුණු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත.


අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්රි මහතා පත් කළ අවස්ථාවේදීත් මේ ආකාරයටම විරෝධතා එල්ල වූ බවත් පවසා ඇති ජනාධිපතිවරයා නමුත් දැන් සබ්රි මහතා කාගේත් පිළිගැනීමට ලක්වන ආකාරයට සේවාවක් ඉටුකරන බවද කියා 

No comments

Ads Place