Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රතික්ශේප වූ චීන පොහොර යලි පරීක්ශාවට

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර ...

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ වී තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළේ මෙරට පරීක්ෂණාගාර වල සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම දන්වා ඇති බවයි.

අදාල පොහොර නිෂ්පාදන සමාගම ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් බවත් එනිසා එහි ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ගන්නැයි චීනය ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ අනුව එම පොහොර සාම්පල නැවත පරික්ෂා කිරීම සඳහා දෙපාර්ශවය එකඟ වන තුන්වන පාර්ශවය දී ඉන් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා වූ බවද අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ මෙම පොහොර තොග තුන්වෙනි පාර්ශ්වයකින් යළි පරික්ෂා කරන ලෙස චීනය ඉල්ලීමක් කර ඇති බවයි.

චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බවද ඔහු පැවසීය.

 

No comments

Ads Place