Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සිල්වාගේ උපන් දිනය අදයි

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම දකුණත් පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වාගේ 56 වන  උපන්දිනය අදට යෙදී තිබේ. 1965 වසරේ උපත ලද දකුණත් පිතිකරුවෙකු වන අරවින...

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම දකුණත් පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වාගේ 56 වන  උපන්දිනය අදට යෙදී තිබේ.

1965 වසරේ උපත ලද දකුණත් පිතිකරුවෙකු වන අරවින්ද ද සිල්වා වර්තමානයේ තරම් භෞතික පහසුකම් හා තාක්ෂණය නොමැති කාල වකවානුවක දී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ගුණාත්මක බවින් ඔසවා තැබූ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වේ.තම පළමු ජාත්‍යන්තර ටෙස්ට් ශතක පහම විදෙස් රටවලදී රැස් කරගත් ඔහු සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගනිද්දී වයස අවුරුදු 19යේ පසුවිය .
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් ශතකයක් ලබාගත් දෙවන ලාබාලතම ක්‍රීඩකයාට හිමි ගෞරවය ද මොහුට අයිති වන අතර අරවින්දගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ශතක 5 ,
*122 vs. Pakistan at Faisalabad
*105 vs. Pakistan at Karachi
*167 vs. Australia at Brisbane
*267 vs. New Zealand at Wellington
*123 vs. New Zealand at Auckland   හීදී ලබාගෙන ඇත.

තවමත් කිසිදු ආසියාතික පිතිකරුවෙකු ආසියාවෙන් පිටත දී එක ඉනිමකදී හතරේ පහරවල් හතළිහක් ලබාගෙන නොමැති අතර අරවින්ද විසින් නවසීලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 267 ආසියානු පිතිකරුවෙකු ලබාගත් දෙවැනි ඉහළම ටෙස්ට් ලකුණු ප්‍රමාණය වේ .

මීට අමතරව එක් දින ලකුණු 9000 සීමාවට ළඟා වූ ලොව තෙවන ක්‍රීඩකයා ,අංක 4  පිතිකරණ ස්ථානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක ලාභියා ,ටෙස්ට් තරගයක ඉනිම දෙකකදීම නොදැවී ශතක වාර්තාකල ලොව එකම ක්‍රීඩකයා,1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා , 1996 ලෝක කුසලාන අවසාන  තරගාවලියේ හා අවසාන පූර්ව තරගයේ වීරයා මෙන්ම ලෝක කුසලාන අවසාන මහා තරගයකදී  ශතකයක් හා කඩුලු 3ක් දවාගත් ලොව එකම ක්‍රීඩකයාට හිමි වාර්තාවට ද හිමිකම් කියයි .



 

No comments

Ads Place