Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් දරුවන් එන්නත්කරණ මධ්‍යස්ථානයකට ආ තොණ්ඩමන් සිවිල් පිරිසකට ෆයිසර් විදගනී…

තලවකැලේ සුමන මහා විද්‍යාලයේ අවු 16-19 වයස් කාණ්ඩ වල පසුවන පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදිමේදි තම බල ප්‍රදේශයෙන් පිටත එම වයස් කාණ්ඩ ...




තලවකැලේ සුමන මහා විද්‍යාලයේ අවු 16-19 වයස් කාණ්ඩ වල පසුවන පාසල් සිසු සිසුවියන්ට ෆයිසර් එන්නත ලබාදිමේදි තම බල ප්‍රදේශයෙන් පිටත එම වයස් කාණ්ඩ වල පසුවන සිසුන් 210 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදිමට සිදු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසිය.


කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් තලවකැලේ ප්‍රදේශයේ පාසල් 08 සිසුන් 1160 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදිමට(28) දින සැලසුම් කර තිබු බවත්,ඒ අනුව තලවකැලේ සුමන විද්‍යාලයට පාසල් සිසුන් නිල ඇදුමින් සැරසි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතට පැමිණ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.


පාසල හැර ගොස් සිටින සහ තම බල ප්‍රදේශයෙන් පිට පදිංචි එම වයස් කාණ්ඩ වල පසුවන විශාල පිරිසක් සිවිල් ඇදුමින් සැරසි අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි පිරිසක් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණ අදාල එන්නත ලබාදෙන ලෙස තමන්ගේ ඉල්ලිමක් කල බවත්, අනන්‍යතාවය තහවුරු කරන තෙක් එම පිරිසට එන්නත් ලබාදිම මදක් ප්‍රමාද කල නිසා ඒ පිලිබදව එම පිරිස විසින් රාජ්‍ය  අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වෙත දැනුම් දි ඇත.


ඒ අනුව එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා තමන් සමග සාකච්ඡා කර සිවිල් ඇදුමින් සැරසි සිටින එම වයස් කාණ්ඩ වල පසුවන 210 දෙනෙකුට ෆයිසර් එන්නත ලබාදුන් බවත්, (28) දින තුල තලවකැලේ සුමන විද්‍යාලයේදි ෆයිසර් එන්නත් 1370 ක් එන්නත් කල බව වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා පැවසිය.


පාසල් ළමුන්ට එන්නත් කිරිම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ තහවුරුතාවක් අවශ්‍ය බවත්, මේ දිනවල ගුරු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් පාසල් වලින් එම සහයෝගය තමන්ට නොලැබෙන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.


– හැටන් රංජිත් රාජපක්ෂ

No comments

Ads Place