Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැනඩෝරා සාක්‍ෂි දෙන්න මං සූදානම්.. හඬපට සහිතයි..- සිරකරු රන්ජන් අල්ලස් කොමිසයට දැනුම් දේ…

සැඟවුණු වත්කම් ඇතැයි පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරන ලද නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු හෙළිදර...





සැඟවුණු වත්කම් ඇතැයි පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරන ලද නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන අය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත.

දැනට බන්ධනාගාරගතව සිටින ඔහු තම නීතිඥයා මාර්ගයෙන් අල්ලස් කොමිසමේ සභාපතිනිය වෙත ඒ බව දැනුම් දී තිබේ.

අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සාක්ෂි දීමට කැමැත්තෙන් පසුවන බව ඔහුගේ නීතිඥ විසින් යවා ඇති ලිපියේ දැක්වෙයි.

මේ අතර අදාල සිදුවීමට සම්බන්ධ හඬ පට සාක්‍ෂි තමන් සතුව ඇති බව රාමනායක හිටපු මන්ත්‍රීවරයා පැවසූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතාද පසුගියදා කියා සිටියේ ඔහුගේ සුවදුක් බැලීමට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය ගිය අවස්ථාවේදීය







No comments

Ads Place