Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර ප්‍රශ්නයට කැබිනෙට්ටුව රත්වෙයි.. පොහොර ආනයනය කල හැකි බව ජනාධිපති කියයි..

රට පුරා ගොවීන් මුහුන දෙන පොහොර ප්‍රශ්නය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්වී ඇති බව ඇමතිවරුන් ගණනාවක් විසින් කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබේ. අව...



රට පුරා ගොවීන් මුහුන දෙන පොහොර ප්‍රශ්නය මේ වන විට බරපතළ අර්බුදයක් බවට පත්වී ඇති බව ඇමතිවරුන් ගණනාවක් විසින් කැබිනට් මණ්ඩලයේ දී පවසා තිබේ.

අවසන්වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් ගණනාවක් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පොහොර ප්‍රශ්ණය විසඳීමට වහා මැදිහත් වන ලෙසයි.

මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත්වීමක් නොකළහොත් රජයටද ඒ ඉතා අවාසිදායක වනු ඇතැයි එම ඇමතිවරුන් පිරිස පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාබනික වගාවට ගොවීන් යොමු කිරීමට තීරණය කරන ලද්දේ රටේ හෙට දවස ගැන වෙනුවෙන් බවත් එය ජනප්‍රිය තීරණයක් නොවන බව තමන් දන්නා බවත් ය.

තමන්ට අවශ්‍ය නම් ජනප්‍රිය තීන්දුවක් ගෙන රසායනික පොහොර ආනයනය කර දිය හැකි බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද වාර්තා වෙයි.

එහිදී අදහස් දක්වා ඇති කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.

No comments

Ads Place