Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුගදනවූ ගැන බැසිල් කරුණු කියයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ. ජනාධ...




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අතර  විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) අරලියගහ මන්දීරයේදී පැවැත්වුණි.


ඊයේ පස්වරු 05.30ට ආරම්භ වු එම සාකච්ඡාව පැය 04ක කාලයක් පැවති අතර ඊට රජයට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂවල නායකයින්, එහි නියෝජිතයින් සහ අමාත්‍යවරුන් පිරිසක් එක්ව සිටියේය.


යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ යෝජනා තමාට ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා මෙහිදි දැනුම්දුන් බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.


"කරුණු 12ක් විතර සාකච්ඡා කළා. විවිධ කාරණා ගැන. ඒ කියන්නේ කොවිඩ් සම්බන්ධව, පොහොර සම්බන්ධව, යුගදනවි සම්බන්ධව ඊට අමතරව වරායේ ඇතිවෙලා තියෙන ගැටලු සම්බන්ධව මේ හැම එකක් ගැනම ඉතාම දැඩි සාකච්ඡාවක් සිද්ධවුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වුණේ, මේක අවසන් ගිවිසුම නෙමෙයි තව ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න ඇති බව. මුලික ගිවිසුමට අමතරව ඒ තියෙන එක ගැන අපිට යම් යෝජනා තියෙනවා නම් එවන්න කියලා තමයි අපිට දැනුම් දුන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාකරන්න. තාම එක ගිවිසුමක් පමණයි අත්සන් කරලා තියෙන්නේ. තව ගිවිසුම් දෙකක් තියෙනවා කියලා තමයි බැසිල් රාජපක්ෂ මහතා අපිට කිව්වේ. ඒ සම්බන්ධව පක්ෂවල අදහස් එවන්න කියන අදහස එතුමා කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ අපේ තියෙන අඩුපාඩු දුර්වලතා පිළිබඳව අපේ වෘත්තීය සමිති කල්පනා කරන ප්‍රශ්න පිළිබඳව එතුමාට අපි යෝජනාවලියක් විදියට එතුමාට භාරදෙනවා."


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, රජයේ ඇතැම් හවුල්කාර පක්ෂවල නියෝජිතයින්ට යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුමේ විනිවිඳභාවය සම්බන්ධයෙන්  පවතින ගැටලු එම සාකච්ඡාවේ දී නිරාකරණය වු බවය.


"යුගදනවි බලාගාරය පිළිබඳව සාකච්ඡා වුණා. බලාගාරය පිළිබඳ යම්කිසි පැහැදිලිකිරීමක් අවශ්‍යව තිබුණා අපේ සන්ධානයේ අනෙක් පක්ෂවල නායකයින් ට. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. පැහැදිලිව කිව්වා මේ ටෙන්ඩර් එක කැඳවලා එකෙන් ලැබිලා තියෙන ලන්සුව LNG එකෙන් යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලාබදායි දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා. මෙහිදී විමල් වීරවංශ මහතා ඇතුළු බොහෝ පක්ෂ නායකයින් පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. ඔවුන් පවසා සිටියේ, LNG සැපයුම් මාර්ගය සම්බන්ධයෙන් තමයි යම්කිසි අදහස් තිබුණේ. බැසිල් මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරාට පස්සේ මං හිතන්නේ එතැන හිටිය හැමෝටම තේරෙන්න ඕනේ මෙය ඉතාම පාරදෘශ්‍ය ලෙස රටට සුබදායි ලෙස සිදුකරන කටයුත්තක් බව."


විදුලි වෘත්තීය සමිති හමුවී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මෙහිදි තීරණය කළ බව රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය

No comments

Ads Place