Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළමු ගුවන් යානය ලංකාවෙන්

  ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේ...


 ඉන්දියාවේ 29වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගි වෙති.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ මහා සංඝරත්නය සියක් නමක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ලෙස යූ.එල් 1147 දරන ගුවන් යානය අද අලුයම 05.20ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.  

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයේ ඉදිකර ඇති කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඟින් දඹදිව වන්දනාකිරීම සඳහා පහසුකම් සැලසෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙයි.

No comments

Ads Place