Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උතුරේ හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිසමට

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු වූ සාමාජිකයින් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් ස...

කොමිෂන් සභා දෙකක පුරප්පාඩු වූ සාමාජිකයින් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුන්දරම් අරුමේනායගම් මහතාගේ නමත්, මැතිවරණ කොමිෂන් සභාවට උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරිය වූ පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ නමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කර තිබුණි.

ඒ අනුව පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු සභාව එම නම් දෙක සඳහා අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

වී.සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක පුරප්පාඩුවක් පැවති අතර ජීවත් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එය පුරප්පාඩුව පැවතුණි.

 

No comments

Ads Place