Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර නෑ.. එළවලු අස්වැන්න අඩුවේ.. නුවරඑලියේ ගොවියෝ අසීරුවේ

රසායනික පොහොර නොමැති නිසා කාබනික පොහොර භාවිතයෙන් නුවරඑලියේ එලවළු වගා කල ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මේ වන විට මැදිහත් වි ඇති බව නුවරඑලි...


රසායනික පොහොර නොමැති නිසා කාබනික පොහොර භාවිතයෙන් නුවරඑලියේ එලවළු වගා කල ගොවින් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මේ වන විට මැදිහත් වි ඇති බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (13) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ පොහොර නැති වෙලා දැන් මාස ගණනාවක් වෙනවා ඒකට රජය තවම පිලිතුරක් ලබාදිලා නැ. මහින්දානන්ද මහතා එකක් කියනවා, ජනාධිපතිතුමා එකක් කියනවා.

රු 1600 පොහොර මිටියක් අද 5600 දක්වා ඉහල ගිහින් ගොවියා අන්ත අසරණ වෙලා තියෙනවා.

අපි සහනාදාර ඉල්ලන්නේ නැ  අපි ඉල්ලන්නේ නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර.

කාබනික වගාව ගැන කතා කරනවා හැමෝම ඒ අයට ප්‍රායෝගික දැනුමක් නැතුව තමයි කතා කරන්නේ. කාබනික වගාව සිදු කරන්න කාලයක් යනවා.

උදාහරණයක් විදිහට අක්කරයකින් කැරට් කිලෝ 5000  ගත්තොත්,දැන ගන්න වෙලා තියෙන්නේ අක්කරයට කිලෝ 2000 පමණ.

රටේ ආර්ථිකයට මෙහෙවරක් කරන ගොවියා ගැන රජය හිතන්නේ නැ, එයාලගේ තනි මතයට තමයි වැඩ කරන්නේ.

වි ගොවියා අන්ත අසරණතාවයට පත් වෙලා තියෙනවා , වි මෝල් හිමියන් තමයි මිල තිරණය කරන්නේ.

රජය මේ විදිහට ගොවියා වැට්ටුවොත් , රටේ දැඩි ආහාර හිගයක් එනවා , ගොවියා අසරණ වෙනවා සුළු ගොවියා මහ පරිමාණ ගොවියා.

හැම දේශපාලඥයෙක්ම , ජනාධිපති කෙනෙක්ම බලයට එන්න කලින් කියන්නේ රටින් හාල්, බි ළුණු , අල  ගෙන්නේ නැ , ගොවියා ශක්තිමත් කරනවා කියලා. ගොවියා ශක්තිමත් කරනවා කියලා.

ඒක ක්‍රියාත්මක වෙන්නේ මාස දෙකයි ඊට පස්සේ ආයේ රටින් ඒ ටික ගෙනල්ලා ගොවියා අසරණ කරනවා.

අපි රජයෙන් ඉල්ලන්නේ රටින් ගෙන්වනවා වෙනුවට අපේ රටේ නිෂ්පාදන පිටරට යවන්න පුළුවන් විදිහට කටයුතු කරන්න කියලා.

ලංකාවේ හැදෙන ගුණාත්මක එලවළු ලෝකේ කොහෙවත් හැදෙන්නේ නැ , එලවළු මිල වැඩි උනාම ඔක්කොම කතා කරනවා , එලවළු මිල අඩු උනාම කටයුතු කරන්න කවුරුත් නැ.

රටට අවශ්‍යය එලවළු තියාගෙන අතිරික්තය පිටරට යවන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා, යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments

Ads Place