Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අංගොඩ වෙඩි තැබීමක්-අයෙක් මරුට

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලය...

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව වාර්තා වේ.

එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ. 

පොලීසිය පැවසුවේ අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙකු එලෙස තුවාල ලබා ඇති බවය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බවය.

කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

 

No comments

Ads Place