Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජවිපෙ ගිණුම් වල රුපියල් බිලියන 6-7ක්..

නොවැම්බර් මසදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය පෑලියගොඩ නව කැළණි පාලම අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සං...

නොවැම්බර් මසදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය පෑලියගොඩ නව කැළණි පාලම අවසන් අදියරේ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නියැලිනි.

නව කැළණි පාලම කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරීමට ඉවහල් වන බැවින් කුළුණු මත ඉදිකර ඇති පාලම් කොටසේ භූමිය අලංකරණය කිරීම සඳහා සිටුවා තිබෙන දේශීය උද්‍යාන අලංකරණ ශාක කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

නව කැළණි කැලණි පාලමේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා දුන් අමාත්‍යවරයා….

මෙම නව කැළණි පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ජනතා අයිතියට පත් කරන්නේ කවදාද යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

ලබන නොවැම්බර් මාසයේදී මෙම කැලණි පාලමේ වැඩ අවසන් කර ජනතාව වෙත විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම උසාවියේදි වුණු එකඟතාවය මත නොවැම්බර් මස 15 දින වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩ අවසන් කර එම කොටසත් ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා .

ආණ්ඩුවට සහය දෙන සුළුපක්ෂ වෙනම සාකච්ඡා මේසයකට යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

අපි අවස්ථා ගණනාවක දැක්කා විවිධ පක්ෂ වෙන වෙනම සාකච්ඡා කරනවා . ඔවුන්ට අයිතියක් තිබෙනවා සාකච්ඡා පවත්වන්න. සුළු පක්ෂවල මේ හමුවීම් අපිට ගැටලුවක් නොවෙයි. රජයක් හැටියටත් මාස දෙකකට වරක් අපි සියලු දෙනාම එකතුවෙලා සාකච්ඡා පවත්වනවා.

කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා ඉදිරියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියලෙනවා කියා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

වෘත්තීය සමිති ගන්න සෑම තීන්දුවක්ම අපිට හරි කියලා කියන්න බැහැ. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවල නියෝජනයක්. පසුගිය කාලේ වරායේ වෘත්තිය සමිති නැගෙනහිර ජැටියට විරුද්ධ වුණා. ඒකෙන් ලැබුණු ප්‍රතිඵලය තමයි සටන් කරලා නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සන්තකයේ තියාගෙන ඊට වඩා හොඳ ප්‍රමාණයෙන් විශාල බටහිර ජැටිය ලබාදුන්නු එක. වෘත්තිය සමිති දේශපාලන කෝණයෙන් බැහැරව මේ රටට විපතක් වනවානම් ඒ ගැන සොයා බැලිය යුතුයි. විදුලි ඒකකයක මිල අඩු වෙනවා නම් ඇයි වෘත්තීය සමිති ඒකට විරුද්ධ වන්නේ. ආණ්ඩුව අඩු මිලට විදුලිය ලබා ලබාගැනීමට කටයුතු කරනවා නම් ඒක දූෂණයක් වෙන්නේ නැහැ. වෘත්තීය සමිති වැඩි මිල සම්බන්ධයෙන් පෙනී සිටිනවා නම් එතැන වෙනම දේශපාලන අරමුණක් තිබෙනවා. මේ රටේ ජනතාව දින දෙකක් අඳුරේ තැබීමට වෘත්තීය සමිති සූදානම් වෙනවා නම් ඒක මොනතරම් අසාධාරණ තීරණයක්ද?. ඒ ගැන මේ රටේ බුද්ධිමත් ජනතාව කල්පනාකාරීව බැලිය යුතුයි. රජය මේ අවස්ථාවේ විදුලි මිල අඩු කර ගැනීමට කටයුතු සැලසුම් කරන එක ජනතාව ලබන ජයග්‍රහණයක්. ‍

ගොවිජනතාව මුහුණ පා සිටින පොහොර ප්‍රශ්ණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට 95%කට වැඩි පිරිසක් වගා කටයතු වල නියැලිලා අවසන් .. කුරුණෑගල ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයක ගොවිතැන් කටයුතු ද මේ වන විට ආරම්භ කර අවසන්. මේ වන විට ගොවිතැන් කටයුතු ආරම්භ නොකල දිස්ත්‍රික්කවල ගොවීන් පිටිපස්සේ කවුරුන්ද ඉන්නේ කියන එක රටට හෙළිදරව් කළ යුතුයි. තව නොබෝ දිනකින් පොහොර ප්‍රශ්නයට ස්ථිරසාර පිළිතුරු ලැබෙනවා. පොහොර ප්‍රශ්නය පිටුපස සිට උද්ඝෝෂණයන් මෙහෙය වන අය කවුරු ද යන්න මාධ්‍ය විසින් ජනතාවට හෙළි කළ යුතුයි. ගොවීන්ට වන පාඩුව රජය විසින් දරාගෙන ඒ වෙනුවෙන් වන්දි ලබා දෙනවා නම් උද්ඝෝෂණය කරලා පලක් නැහැ. මේ උද්ඝෝෂණ රැල්ල පිටිපස්සේ තිබෙන්නේ වෙනත් දේශපාලන යටි අරමුණක්. දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ව සල්ලි දීලා උද්ඝෝෂණ වලට උසිගන්වනවා. මේ විරෝධතා පිටිපස්සේ වෙනත් හස්තයක් තිබෙනවා. විරෝධතා කරන්න සීමාවක් තිබෙනවා. දැන් කවුරු හෝ ලබා දෙන මුදල් වලට තමයි උද්ඝෝෂණ කරන්නේ .

ආනයනය කල නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

අලුතින් දේකට හුරු කරවන්න ගියාම මෙවැනි ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. මේවා කඩාකප්පල් කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටිනවා.ඔවුන් මේ සම්බන්ධයෙන් නොයකුත් දේවල් කියනවා. අපි මේකේ සාර්ථක අසාර්ථක තත්වය බලමු. රජයක් හැටියට මේක සාර්ථක වෙනවා යැයි අපි කියනවා. අපි මේකට රජයක් විදිහට සාර්ථකව මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය සහ පොහොර ප්‍රශ්නය ඡන්දය වලට හරවා ගන්න එපා කියලා විපක්ෂයට කියනවා. ප්‍රේමදාස මහත්තයා ඡන්ද දෙකක් පරාදයි. දිසානායක මහත්තයාගේ පාර්ලිමේන්තුවේ හය තුනට බැස්සෙත් ඡන්ද වලින්. අහිංසක මිනිස්සුන්ව හිර කරන්න එපා කියලා මම විපක්ෂට කියනවා.

ජ.වි.ප යේ මන්ත්‍රීවරු පොලවේ පස් ලංකාවට අයිති නැහැ කියා පවසනවා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් අමාත්‍යවරයා ..

ජ.වි.ප යට මේ පොලවේ පස් තියා කිසිම දෙයක අයිතියක් නැහැ. ඒගොල්ලො කැට හොල්ලලා හොයාගෙන ගිණුම්වල තැන්පත් කර ගෙන තිබෙන රුපියල් බිලියන6 – 7 ගැන විතරයි ඒ අයට අයිතිය තිබෙන්නේ. ඒ අයගේ ගිණුමේ තිබෙන මුදල් විතරයි ලංකාවට අයිති අනිත් රටේ සෑම දෙයක්ම පිටරටට විකුණලා කියන මතය තමයි ඔවුන්ඉදිරිපත් කරන්න හදන්නේ. රටේ සම්පත් විකුණනවා කියන බොරුව සමාජ ගත කරන්නන තමයි ඒ අය උත්සහ කරන්නේ. 71 දී සහ 89 දී මේ රටට කළ විනාශයට ජ.වි.ප.ය වගකිව යුතුයි. එල්.ටී.ටී.ඊ ය සහ ජ.වි.ප.ය මෙරටට කළ විනාශය නිසයි මේ රට ඉදිරියට නොගියේ. මේ අභියෝග සියල්ල ජයගෙන අපි අපේ රට ඉදිරියට ගෙන යනවා.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යපෘති අධ්‍යක්ෂිකා දර්ශිකා ජයසේකර ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

No comments

Ads Place