Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අජිත් නිවාඩ් කබ්රාල් රටේ 5 වැනි තැනට එයි

මහා බැංකු අධිපතිට කැබිනට් බලතල සමග අමතන විදිහත් වෙනස් වෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා ඇත. මෙම නව...




මහා බැංකු අධිපතිට කැබිනට් බලතල සමග අමතන විදිහත් වෙනස් වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා ඇත. මෙම නව බලතලත සමග ඔහු රටේ පස්වැනි පුරවැසියා බවට පත්වේ.


ඒ අනුව මින් ඉදිරියට මහබැංකු අධිපතිවරයා ‘ගරු මහ බැංකු අධිපතිතුමා’ ලෙස ආමන්ත්‍රණය කිරීමට නියමිතය. රාජ්‍ය උත්සවවලදී කැබිනට් අමාත්‍යවරුන් අසුන් ගන්නා පේලියේ අසුන් පනවනු ලැබේ.


රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර අගමැති, කතානායක, අගවිනිසුරු පිළිවලින් දෙවැනි,තුන්වැනි හා හතර වැනි පුරවැසියන් වේ. මහා බැංකු අධිපතිවරයා මින් මතු 5 වැනි පුරවැසියා බවට පත්වන්නේ කැබිනට් ඇමැතිවරුන් පස්වැනි පුරවැසියන් ලෙස ගැනෙන බැවිනි.


මින් පෙර 1950 දශකයේදී ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමාන තත්ත්වයට පත් කර තිබුණු අතර 1962 දී සහ 78 දී ව්‍යවස්ථාවලින් එම තත්ත්වය අහිමි කෙරිණි

No comments

Ads Place