Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු පසුපෙලට කාබනික දේශණය උණුසුම්.. සහල් කිලෝව 350ක් යයි ජනාධිපති කාබනික බලකා ආචාර්ය කියයි… තනිකරම කාබනික බැරිලු..

කාබනික වගාම සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කල ආචාර්ය සරත් රණවීර ...



කාබනික වගාම සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කල ආචාර්ය සරත් රණවීර මහතා විසින් 22 පස්වරුවේ ආන්ඩුවේ පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන්ට කාබනික ගොවිතැන සම්බන්ධ දේශනයක් පවත්වා තිබේ.


පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පවත්වන ලද මෙම දේශනයේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි අවේගශීලිව අදහස් පල කර ඇති අතර මන්ත්‍රිවරුන් ගම් මට්ටමින් මුහුන දෙමින් ඇති ප‍්‍රශ්ණ රාශියක් ඔහු වෙත යොමු කර ඇත.


සරත් රණවීර මහතාගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.


ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල මන්ත්‍රිවරු එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.


එය මෙරට සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ශික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.


එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ.


ඊට ඔහුගෙ පිලිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමන අලෙවි කල යුතු බවයි.


එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝදතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියාය.


එහිදී රණවීර මහතා සම්පුර්ණයෙන් කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කල නොහැකි බව පිලිගෙන ඇත.


එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද පසුපෙල මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති අතර රතන හිමි මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බවය.

No comments

Ads Place