Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල රැකගන්න ඩොලර් විකුණයි… මූල්‍ය අරමුදලෙන් ලැබුණු SDR කොටසකුත් ඒ අතර…

  2021 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා ක...


 2021 ජූලි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අතිප්‍රමාණය විය. 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.8කින් අවප්‍රමාණය විය. අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ ජූලි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙහිදී පෙන්වා දේ.

මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2021 වසරේ සැප්තැම්බර් 10 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය.

අපනයන ඉපැයීම්වලින් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හුවමාරුවලින් කොටසක් අඛණ්ඩව අවශෝෂණය කර ගන්නා අතර ම, අත්‍යාවශ්‍ය විදේශ විනිමය ගනුදෙනු නිසි පරිදි සිදුකිරීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම් මගින් ලැබුණු මුදල් කොටසක් උපයෝගී කරගනිමින් වෙළෙඳපොළට විදේශ විනිමය ද්‍රවශීලතාවය සපයන ලද බව 2021 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තා පෙන්වා දේ.

මේ අතර 2021 අගෝස්තු මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 49.38 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 225.50 ක් විකුණා ඇති බව මහ බැංකු ප්‍රකාශනයක වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව විසින් රජය වෙනුවෙන් කල්පිරුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමත් සමඟ 2021 වසරේ ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ‌ඩොලර් බිලියන 2.8ක් විය. මෙම දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 1.8කට සමාන විය.

දළ නිල සංචිත හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 වසරේ ජූලි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් වූ අතර, එම ප්‍රමාණය මාස 3.8ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් විය.

ඉහත වාර්තා කර ඇති සංචිත මට්ටම තුළ චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් කිරීමට යෙදුණු යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක) තුන් අවුරුදු ද්වීපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම ඇතුළත් නොවේ. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංග්ලාදේශ බැංකුව සමඟ ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ලැබීමත් සමඟ 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ ගියේය.

lankacnews

No comments

Ads Place