Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

’’මේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින ආණ්ඩුවක්’’

 වර්තමානයේ පවතින්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින පාලනයක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. අත්දැකීම් නැති ප...


 වර්තමානයේ පවතින්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින පාලනයක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අත්දැකීම් නැති පිරිසකට රට කරන්න බැරි බව ජනාධිපති සහ ආණ්ඩුව ඔප්පු කර හමාර බව කී විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය හැමදාම ජනතාවගේ පැත්තේ හිට ගත්තා මිස තමන්ට වාසි පැත්තේ හිට ගත්තේ නැති බවද පැවසීය.


විරුද්ධවාදීන් ජනතාව මූලා කර බලය ගත්තත් අත්දැකීම් නැති නිසා ඔවුන්ට රට පාලනය කරන්න නොහැකිව රටත් ජනතාවත් විනාශ කරමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂය යනු කළ පුරුද්ද සහ පළපුරුද්ද ඇති පක්ෂයක් බවද සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී රුවන් විජයවර්ධන මහතා කීය.

lankadeepa

No comments

Ads Place