එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජ...
එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු අංශ වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය, ප්‍රවාහන සහ අනෙකුත් ක්ෂේත්‍ර වෙතින් මෙම නිර්දේශ ලබාදීමට නියමිතව තිබෙනවා.
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන මස 01 වනදා අලුයම 4:00 දක්වා වීමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රට යළි විවෘත කළ ද, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාවට දැඩි වගකීමක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
No comments