Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදාවට එන්නත් වැඩිපුර දෙනවා කියා දොස්තරලා විරෝධය.. පැමිණිලි කරයි..

  විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව ෆයිසර් එන්නත් යුද හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....


 විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව ෆයිසර් එන්නත් යුද හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ද පැමිණිලි කර ඇත.

සංගමයේ ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා කියා සිටින්නේ වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එන්නත් මාත්‍රා සුළු ප්‍රමාණයක් නිකුත් කරද්දී යුද හමුදාවට කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩ එන්න සැපයීමක් සිදු කරමින් ඇති බවයි.

උයන්වල හා වෙන වෙන තැන්වල එන්නත් කරණය සිදු කිරීමට වඩා එම කටයුත්ත සිදු කිරීමට සුදුසුම ස්ථානය රෝහල් පද්ධතිය බවත් දීර්ඝ කාලයක් තිස්සේ මෙරට රෝහල් පද්ධතිය හරහා ඉතා සාර්ථක අන්දමින් එය ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටී.

මෙරට සෞඛ්‍ය පද්ධතියට එන්නත් මාත්‍රා ලක්ෂ පහ ඉක්මවා දෛනිකව ලබාදිය හැකි වුවත් එන්නත් සැපයුම ඉතා සීමා සහිත වී ඇති නිසා එන්නත් මධ්‍යස්ථාන අධික තදබදයක් ඇති වී තිබෙන බවත් එනිසා ජනතාව දැඩි අවධානමක බවත් ඔහු පෙන්වා දෙයි.

එන්නත් කරනය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අපකීර්තියට පත් කරමින් ගෙන යන මෙම වැඩපිළිවෙල පිළිබඳ අප්‍රසාදය පළ කරන බවද ඔහු තවදුරටත් කියා සිටී.

lankacnews

No comments

Ads Place