Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මඩින්න වැඩක් ගත හැකි වෛද්‍යවරු දහසක් නිවෙස්වල

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ සිසුන් කඩිනමින් සේවයට බදවා ගන්නා ලෙසට...


පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ සිසුන් කඩිනමින් සේවයට බදවා ගන්නා ලෙසට සිදුකරන ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට බාධා මතුව තිබෙනවා. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ඉල්ලා සිටින්නේ සීමාවාසික පත්වීම් හරහා මෙම සිසුන් සේවයට බදවා ගන්නේ නම් එය සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට හේතුවනු ඇති බවයි. 


ඒ හරහා දහසකට අධික සීමාවාසික වෛද්‍යවරුන් පිරිසක් සේවයට එක්කර ගත හැකි බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ.


මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. 


එහි ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ විභාගය මේ දක්වා පවත්වා නොමැතිවීම හේතුවෙන් මෙලෙස සීමාවාසික පත්වීම් නිකුත් කළ නොහැකි බවයි. 


සියළු සිසුන් එකවර සීමාවාසික පත්වීම් ලැයිස්තුවට ඇතුළත් කරන බැවින් එම විභාගය පවත්වා ප්‍රතිඵල පැමිණි පසු එය සිදුකළ හැකි බව එහිදී ප්‍රකාශ කෙරුණා. නෙත් නිවුස් වෙත වාර්තා වුයේ එම විභාගය පවත්වා ප්‍රතිඵල ලැබීමට ඔක්තෝම්බර් මාසය දක්වා කල්යනු ඇති බවයි. 


වෙනම ලැයිස්තුවකින් එම සිසුන්ට සීමාවාසික පත්වීම් ලබාදුන්නද එහිදීද ඉදිරියේදී ගැටළු මතුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළා. 


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර සොයා බැලීමකදී පෙනී ගියේ දැනට සකස් කර ඇති සීමාවාසික පත්වීම් ලබාදී පසුව සෙසු පිරිසට පත්වීම් ලබාදීමේ හැකියාවක් ඇති බවයි. 


දෙවන කණ්ඩායමට එමඟින් අවාසියක් නොවීමට පළමු කණ්ඩායමේ සීමාවාසික පත්වීම් කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට ද හැකියාවක් පවතිනවා. 


මේ වන විට සීමාවාසික පත්වීම් ලබා රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් වෙනත් කාර්්‍යයන් සඳහා අනියුක්ත කිරීමට නම් මෙම කණ්ඩායම සීමාවාසික පත්වීම් මත සේවයට පැමිණිය යුතුයි.


මේ වන විට සීමාවාසික පත්වීම් අපේක්ෂාවෙන් සිටින දහසකට වැඩි පිරිසට කඩිනමින් පත්වීම් ලබාදීම වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ මොහොතේ පත්ව ඇති අර්බුධකාරී තත්ත්වයට යම් සහනයක් වනු ඇති. එමෙන්ම රෝගී ජීවිත බේරා ගැනීමටද එය ඉවහල්වනු නොඅනුමානයි.

 nethnews

No comments

Ads Place