Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැහැ

 පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන ...


 පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.


බොහෝ බටහිර රටවල් ආසාදිතයන් වැඩි වූවත් පාසල් විවෘත කළ බව සඳහන් කළ මහාචාර්යවරිය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වසරේ මැයි මාසය වනවිට පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක් පමණකැයිද සඳහන් කළාය.


යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝ සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්‍රි අසෝලේ උපුටා දක්වමින් ඇය මෙම තොරතුරු ඉදිරිපත් කළාය.


ලබන ජනවාරිය දක්වා දරුවන් ගෙවල්වල තබා ගැනීමට මවුපියන් එකඟදැයි නීලිකා මලවිගේ මහත්මිය පෙරළා ප්‍රශ්න කළාය.

lankadeepa

No comments

Ads Place