Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය තවත් දීර්ඝ කරනවාද.. තීරණාත්මක සාකච්චාවක්..

  පවතින ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව හෙට දිනයේ තීරණයක් ගනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳ...

 


පවතින ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව හෙට දිනයේ තීරණයක් ගනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගනු ඇති බවද ඔහු පැවසීය.

මේ අතර දැනට ක්‍රියාත්මක රට වසා දැමීමේ ප්‍රතිඵල ලබාගැනීමට නම් බීජෞෂණ සමයන් දෙකක්වත් ගත යුතු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

තවත් සති දෙකක්වත් සංචරණ සීමා පවත්වා ගැනීම හා අන්තර්පුද්ගල සබඳතා පැවැත්වීම වැළැක්වීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පැවසීය.

යම් ලෙසකින් සදුදා දිනයේ සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව ඒකරාශී කිරීම පාලනය කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද ඊට අවශ්‍ය විධිවිධාන දැන්ම සැලසුම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

එසේ සිදු නොකර නැවතත් සෞඛ්‍ය අංශවලට චෝදනා නොකරන්නැයි ඉල්ලීමක් කරන බවද ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වෛරසයෙන් ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වලට අනුගත නොවී රට වසා දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් ඔහු තවදුරටත් පැවසීය.

රට වසා දැමීමට වඩා වැදගත් වන්නේ රෝගය බෝවීම වළක්වා ගැනීමේ චර්යාධර්ම වලට ජනතාව හුරු වීම බවද ඔහු එහිදී අවධාරණය කළේය.

lankacnews

No comments

Ads Place